ඔමික්‍රෝන්, ජපානයත් වසා දමයි

ඔමික්‍රෝන්, ජපානයත් වසා දමයි

ජපානයෙන් පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු වාර්තා වී තිබේ.

'ඔමික්‍රෝන' ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ.

නැමීබියාවේ සංචාරයක නිරතව පැමිණි අදාළ පුද්ගලයා පසුගිය 28 වනදා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සියලු විදේශිකයින්ට ජපානය වෙත පැමිණීම තහනම් කිරීමට ද ජපාන රජය ඊයේ (29) පියවරගෙන ඇත.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමග රටවල් 18 ක් පුරා පැතිරී ඇති නව කොවිඩ් ප්‍රභේදය නිසා ජපානයේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බවද ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

නව ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්නා තුරු මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යමින් සිය දෛනික කටයුතු ආරක්ෂාකරිව සිදුකර ගන්නා ලෙස ජපාන අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න