බෝකෝ හරාම් සියදිවි නසාගෙන

බෝකෝ හරාම් සියදිවි නසාගෙන

නයිජීරියාවේ බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබුබකර් ශෙකාඕ සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමාව ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට හසුවෙතැයි බියෙන් ශෙකාඕ බෝම්බයක් පුපුරවාගෙන මියගොස් ඇති බවට මේ වනවිට සැක පළකෙරෙන බව නයිජීරියාවේ බුද්ධි අංශ නිලධාරීන් සදහන් කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සම්බීසා ඝන වනාන්තරයේ පිහිටි ස්ථානයකදී ඔහු මරණයට පත්ව ඇති බවය.

බෝකෝ හරාම් සංවිධානයෙන් කැඩී ගිය "Islamic State West African Province" නම් සංවිධානයේ පිරිසක් විසින් අබුබකර් ශෙකාඕ ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඇඳුමක් (වෙස්ට් එකක්) පුපුරුවා පුපුරුවාගත් බවය.

නයිජීරියානු පාලනයට එරෙහිව ඔහු වසර 10ක් පමණ සටන්වැදුණු අතර ඔහුගේ අනත්වාදී ක්‍රියා හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වී තිබේ.

2014 දී පාසලකින් ශිෂ්‍යාවන් 300 කට ආසන්න ප්‍රමාණයක් පැහැරගෙන යාමෙන් ශෙකාඕ, ගෝලීය වශයෙන් අපකීර්තියට පත් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න