ඉන්දීය කොවිඩ් වසංගතය

ඉන්දීය කොවිඩ් වසංගතය

අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 3 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඒ අනුව ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයින් 323,000ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් එය පෙර දිනට සාපේක්ෂව සියයට 8.4ක අඩුවීමක් බව සඳහන්ය.

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිත මරණ 2,771ක් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියාව වෙත අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක් විසින් ඔක්සිජන් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීමට ද පියවරගෙන ඇත.

ඉන්දියාවෙන් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1 කෝටි 76 ලක්ෂ 36,307 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ සංඛ්‍යා 197,894කි.

මේ හේතුවෙන්   පවතින කොවිඩ් අවදානමත් සමග එරට ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැටකන ඉන්දියාවේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් පවතින බවත් එය වචනයෙන් විස්තර කළ නොහැකි මහා ඛේදවාචකයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉන්දියාව සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මේ වනවිට ඉන්දියාවේ සෑම නගරයක සෑම රෝහලක්ම, ආදාහනාගාරයක් ම පිරී ගොස් ඇති බවත්, ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිවීම නිසා රෝහල්වල මළ සිරුරු ගොඩ ගැසීමට පටන්ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කළේය.

‘ඉන්දියාවේ තත්ත්වය හදවත කම්පා කරවනවා. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. සෑම මිනිත්තු පහකටම ඉන්දියාවේ එක් කොරෝනා මරණයක් වාර්තා වෙනවා. ඉදිරියේ දී එය අගය තවත් ඉහළ යා හැකියි’ යැයි ලා්ක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.

ඉන්දියාවට අවශ්‍ය සහාය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගන්නා බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න