Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්

පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටි ඉන්දුනීසියානු නාවික සබ්මැරීනයක් අතුරුදන් වී ඇතැයි, වාර්තා වේ.

එම සබ්මැරීනය බාලි දූපතට උතුරින් ගැඹුරු මුහුදේ අභ්‍යාසයක ට එක්වීමෙන් අනතුරුව නැවත පැමිණ නොමැති බව වාර්තා වේ.

KRI Nanggala-402 නමැති අදාළ සබ්මැරීනය අතුරුදන්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇතැයි වාර්තා වේ.

අතුරුදන් නාවික සබ්මැරීනය සෙවීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති අතර ඒ සඳහා සහය වන ලෙස ඉන්දුනීසියාව ඔස්ට්‍රේලියාවෙන් සහ සිංගප්පූරුවෙන් ද ඉල්ලීම් කර තිබේ.