ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවේ ගින්නක්

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවේ ගින්නක්

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුව වන බැලොන්ගන් පිරිපහදුවේ ගින්නක් හටගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට වේලාවෙන් අලුයම් කාලයේ රාජ්‍ය තෙල් සමාගමක් යටතේ පවත්වාගෙන යනු ලබන මෙම තෙල් පිරිපහදුවේ ගින්න හටගෙන ඇත.

පුද්ගලයින් 05 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, පිරිපදුව ආසන්නයේ පදිංචිකරුවන් 950ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

ගින්නෙන් තුවාල ලබා ඇත්තේ, අසාන්න පදිංචිකරුවන් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි කිහිපදෙනෙකි.

ජකර්තා අගනුවර සිට කිලෝමීටර් 200ක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති බැලොන්ගන් තෙල් පිරිපහදුව හෙක්ටයාර 340ක වපසරියක පිහිටා ඇති අතර ඉන් දිනකට තෙල් බැරල් 125,000ක් සකසනු ලබයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න