Image

ජපානය, සමස්ත රට ම ආවරණය වන පරිදි LGBTQ+ ප්‍රජාව පිළිබඳ අධ්‍යාපන වැඩසටහනක් අරඹයි

ජපානය, සමස්ත රට ම ආවරණය වන පරිදි LGBTQ+ ප්‍රජාව පිළිබඳ අධ්‍යාපන වැඩසටහනක් අරඹයි

ලෝකයේ ප්‍රධාන පෙළේ දියුණු ආර්ථිකයක් හිමි රටවල් අතරින් සමස්ත රටම ආවරණය වන පරිදි LGBTQ+ ප්‍රජාව පිළිබඳ, මානව ගරුත්වය පිළිබඳ අධ්‍යාපනය ජාතික වැඩසටහනක් බවට පත් කළ පළමු රට බවට පත්වීමට ජපානය සමත්ව තිබෙනවා.

මෙම මාසයේ දී එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නව සැලැස්මට අනුව, ජපානයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පිහිටි පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම සේවා ස්ථාන (Workplaces) තුළද මෙම අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නියමිත ය. මේ යටතේ පාසල් සිසුන්ට LGBTQ ප්‍රජාව පිළිබඳව නිවැරදිව කියා දීමට ගුරුවරුන්ට නව මෙවලම් ලැබෙන අතර, උපදේශකයින් (Counsellors) සහ සමාජ සේවකයින් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ද පුළුල් කෙරෙනවා. මීට අමතරව, අනාගත ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයින් පුහුණු කරන විශ්වවිද්‍යාල පාඨමාලා ද මීට අනුකූලව යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සුවිශේෂී සැලැස්මට අත්සන් තබනු ලැබුවේ මාග්‍රට් තැචර්ව ප්‍රසිද්ධියේ අගය කරන, ජපානයේ පළමු කාන්තා නායිකාව මෙන්ම දැඩි මතධාරී ගතානුගතික (Conservative) දේශපාලනඥවරියක වන අග්‍රාමාත්‍ය සනායේ ටකායිචි (Sanae Takaichi) මහත්මිය විසිනි. මෙම වැඩසටහනට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර වසර තුනක් තිස්සේ පැවති දැඩි මතභේද සහ ගැටුම් හේතුවෙන් මෙය අවසන් කිරීමට දිගු කාලයක් ගත වී තිබෙනවා. මීට පෙර ජපානයේ ආයතනවලින් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක පමණක් පැවති LGBTQ ප්‍රජා හිතකාමී ප්‍රතිපත්තිය, මේ සමග මුළු රටට ම පොදු නීතියක් බවට පත් වනු ඇත.

කෙසේ වෙතත්, තමන් කවුදැයි සමාජයට විවෘතව පැවසීම (Coming out) තවමත් අතිශය දුෂ්කර සමාජ වටපිටාවක් පවතින ජපානය බඳු රටක, රාජ්‍ය මට්ටමින් ගත් මෙම තීරණය එරට මානව හිමිකම් ඉතිහාසයේ සැබෑ සහ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස විද්‍යාඥයන් සහ ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

Sri Lankan Pride

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න