බංග්ලාදේශය හෙට සිට ලොක්ඩවුන්

බංග්ලාදේශය හෙට සිට ලොක්ඩවුන්

බංග්ලාදේශය හෙට(05) සිට සතියක කාලයක් වසා තැබීමට එරට රජය තීරණය කර ඇත.

පසුගිය දින කිහිපය තුළ වෛරසය වේගයෙන් පැතිරීම හේතුවෙන් එරට කොවිඩ් ආසාදිතයින් හා කොවිඩ් මරණ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දත්තවලට අනුව එරට පසුගිය පැය 24 තුළ මරණ 58 ක් සහ නව රෝගීන් 5,683 ක් වාර්තා වී ඇත. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 9,213 ක් වන අතර 630,000 කට අධික පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

සතියක වසා දැමීමේ කාල සීමාව තුළ දී සියලුම දේශීය ගුවන් ගමන් මෙන්ම දුම්රිය හා ජල මාර්ග සේවා අත්හිටුවන බව බලධාරීන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත්, වසංගතය පැවති සමයේ රජයේ නීතියට අනුව ජාත්‍යන්තර ගුවන් ගමන් කලින් සැලසුම් කළ පරිදි ධාවනය වන අතර භාණ්ඩ දුම්රිය හා නැව් ක්‍රියාත්මක වේ.

එම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකය. රට වසා තැබෙන කාල සීමාව තුළ සෑම කාර්යාලයක්ම සහ උසාවියක්ම වසා තැබන අතර, කර්මාන්ත ශාලා විවෘතව පවතින නමුත් එහිදී සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුගමනය කළ යුතුඅ බවත් එරට රජට තීරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න