ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වසා දැමේ

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වසා දැමේ

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයන් 07 දෙනෙකු හමු වීමත් සමග ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව දින 03 ක කාලයක් සදහා බ්‍රිස්බේන් නගරයේ මෙලෙස සංචරණ සීමා පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්‍යවශ්‍ය සේවා, සෞඛ්‍ය කටයුතුවලට හැර නිවෙස්වලින් බැහැර වීමට අවසර හිමිනොවන බව සදහන් වේ.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වෛරස නව ප්‍රභේදය එම ආසාදිතයන්ට වැළදී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

මිලියන 2 ක ජනගහණයක් වාසය කරන බ්‍රිස්බේන් නගරය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 3 වන විශාලතම නගරය ද වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න