ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මින් පෙර අග්‍රාමාත්‍යවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණි.

අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු වී පැය කිහිපයකට පසු නිකුත් වූ වාර්තා අනුව ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබිට ද වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

බුෂ්රා බිබිගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අනාවරණය වී නොමැති බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මේ වන විට තම නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න