හත් හැවිරිදි දැරියකට වෙඩි : මියෙන්මාර් හමුදාව රට හදන හැටි !

හත් හැවිරිදි දැරියකට වෙඩි : මියෙන්මාර් හමුදාව රට හදන හැටි !

මියන්මාරයේ පාලන බලය හමුදාව අතට පත්වීමෙන් පසු මෙතෙක් සිදුවූ ළාබලතම මරණය වශයෙන් 7 හැවිරිදි දැරියක ඝාතනය කළ අනුවේදනීය පුවතක් වාර්තා වේ.

කින් ම්යෝ නමැති එම දැරියගේ පවුලේ සාමාජිකයින් බීබීසී පුවත් සේවයට පවසා ඇති පරිදි දැරිය වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඇය සිය පියා වෙත දුව යමින් සිටියදීය.

මෙම ඝාතනය සිදු වී ඇත්තේ මියන්මාරයේ මණ්ඩලායි නගරයේදීය.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර ඊට එරෙහිව හමුදා බලය යෙදවීමද වැඩිවෙමින් පවතී.

මිය ගිය දැරියගේ වැඩිමල් සොහොයුරිය පවසා ඇත්තේ, මණ්ඩලායි නගරයේ අවට නිවාස සෝදිසි කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය නිවසට එක්වරම ඇතුළු වී අවිආයුධ සෙවීමට පටන් ගත් බවය.

“ඒගොල්ලෝ අපේ දොරට ගහලා දොර ඇරියා. ඊට පස්සෙ තාත්තාගෙන් ඇහුව ගෙදර වෙන කවුද ඉන්නෙ කියලා,” ඇය පැවසීය.

කිසිවෙකු නැතැයි පියා පවසද්දී පොලිස් නිලධාරීන් ඔහු බොරු කියන බවට චෝදනා කරමින් නිවස සෝදිසි කර තිබේ.

මිය ගිය දැරිය සිය පියාගේ උකුළ මත හිඳ ගැනීම සඳහා දිවවිත් ඇත්තේ, එම අවස්ථාවේදීය.

“ඒ වෙලාවේ ඔවුන් නංගිට වෙඩි තිබ්බා,” වැඩිමල් සොහොයුරිය වන මේ තූ සුමායා පැවසීය.

දැරියගේ පියා වෙනත් පුවත්පතකට පවසා තිබුණේ, “තාත්තේ මට බැහැ. ගොඩක් රිදෙනවා,” යනුවෙන් සිය දියණිය අවසන් වරට පැවසූ බවය.

( lanka truth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න