පලමු සහ දෙවන සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
“අපි හිරේ ගියාට, මේකට සම්බන්ධ තවත් පිරිස් ඉන්නවා" ප්රකාශය ගැන සෙවීමට නිලධාරීන් 8ක් ඉල්ලයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගෙන ප්රශ්න කරනු ලබන රාජ්ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 25 යළි කැඳවිමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (21 ) නියෝග කළේය.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ පලමු සහ දෙවන සැකකරුවන් ලබන 4 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. සැකකාර සුරේෂ් සලේ ඇතුලු සැකකරුවන් තිදෙනා සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියහ.
සිද්ධියට අදාලව කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් පවසා සිටියේ පසුගියදා කොළඹ ත්රිපුද්ගල මහාධිකරණයේ පාස්කු මහ නඩුවේ තීන්දුව ලබා දුන් අවස්ථාවේදි එහි සිටි විත්තකරුවන් තිදෙනෙකු විසින් “අපි හිරේ ගියාට,මේකට සම්බන්ධ තවත් පිරිස් ඉන්නවා" යනුවෙන් කරන ලද ප්රකාශ සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන් 8 දෙනෙකු පත් කරන ලෙස මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
