Image

"කෝ රුමේෂ්ට ගෙවනවා කිව්ව කෝටි 5?" සජිත් අසයි - "එහෙම චක්‍රලේඛයක් නෑ" ඇමති සුනිල් කුමාර උත්තර දෙයි

"කෝ රුමේෂ්ට ගෙවනවා කිව්ව කෝටි 5?" සජිත් අසයි - "එහෙම චක්‍රලේඛයක් නෑ" ඇමති සුනිල් කුමාර උත්තර දෙයි

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට චක්‍රලේඛ ප්‍රකාරව ගෙවිය යුතු කෝටි 5ක මුදල ගෙවන්න ප්‍රමාද ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (21) විමසීය.

ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ මෙය සම්පූර්ණ නොමඟ යැවීමක් බවත් එවැනි කෝටි 5 ක මුදලක් ගෙවීමට අදාළ  චක්‍රලේඛයක් නොමැති බවත්ය.

අමාත්‍යවරයා පැවසුවේය 2024/25 ට එවැනි ගෙවීමක් කිරීමට නව චක්‍රලේඛයක් සැකසූ අතර, 2026ටද කැබිනට් අනුමැතිය ලබාගැනීමට චක්‍රලේඛයක් සකසා ඇති බවයි.

ආසියානු තරග හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරගයේ හෙල්ල විසි කිරීම අංශයෙන් රුමේෂ් තරංග රටට විශාල කීර්තියක් ගෙන ආ බවත් මීටර් 92.62ක් හෙල්ල විසි කර ලෝකයේ අංක 1 බවට පත්ව ඇති බවත්, දැන් මේ තරුණයාගේ ගෙදරට යන පාර ලක්ෂ 80ක් වියදම් කර හදනවා කියා වාර්තා වුවත් තවමත් එම පාර පාර හදා නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තරගාවලියන් ජයග්‍රහණය කරන විට රජයේ නියමිත චක්‍රලේඛ අනුව රු. කෝටි 5ක් ලැබිය යුතු වුවත් තවමත් මේ රු. කෝටි 5ක මුදල් නොලැබ ඇති බවත් මේ මුදල ගෙවන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඔහු පැවසුවේය.

රටට විශේෂිත කීර්තියක් ගෙනදුන් රුමේෂ් තරංගට ඔලිම්පික් පදක්කමත් ලබා ගත හැකිවේවා කියා ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න