අතීතයේ වගේ ම: අදත්, හෙටත් සමාජයේ වැඩියෙන් ම විවේචනය කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා පොලීසිය.
කොල්ලයි, බල්ලයි, උගතයි,දේශපාලකයයි පොලීසිය හදන්න මාර දාර්ශනික විග්‍රහ කරනකොට ප්‍රායෝගික නිලධාරියෙක් හැටියට මටත් පොඩ්ඩක් නොලිය ඉන්න බැරි කහන ගතියක් එනවා.
ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
1.මගේ තරුණ කාලය ම කැපකරපු ආයතනය.
2. 2023 අවුරුද්දෙ ලංකාවෙම වැඩිම මනුෂ්‍ය ඝාතන සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් නිලධාරියා වීම.
ඒවගෙ ප්‍රථිඵලයක් විදියට ලංකා පොලිසියෙන් මට දුන්නෙ "පැමිණිල්ලට පක්ෂග්‍රාහී වීම" කියල බොරු නඩුවකුයි. මත්ද්‍රව්‍ය ජාවරම් කාරයින් ගෙන් ළඟ ම හිතවතුන් ගෙන් වැටුණ මානව හිමිකම් නඩුයි විතරයි. ඒවා මම භාරගන්නෙ හරි ආඩම්බරයෙන්. අනිත් අය වගේ කූඩුවට දාල ඉන්න ජාවාරම්කාරයෝ එක්ක කේක් කෑල්ලක් කපල පාටියක් නොදාපු නිසානෙ මේ හැමදේම. අවුලක් නෑ... මම කාත් එක්කවත් තරහ නෑ...
මම ලංකාවෙන් ප්‍රංශයට එනකොට අපේ රටේ පොලීසිය භාර ඇමති ටිරාන් අලස්, අධිකරණ ඇමති, විජේදාස රාජපක්ෂ,පොලිස්පති වෙන්න හිටියෙ දේශබන්දු තෙන්නකෝන්...
සඳලු තලයේ සිටින අයගේ දැනගැනීම පිණිස
මේ අය ගෙ නම් සඳහන් කළේ මම විමර්ශනය කරපු නදුන් චින්තක නොහොත් හරක් කටා සම්බන්ධයෙන් අද වනවිට ඔවුන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් චුට්ටක් හිතල බැළුවොත් ඒ, මෝඩයෙක් වගේ පොඩි මිනිස්සුන්ටයි ලොකු මිනිස්සුන්ටයි සමාන යුක්තියක් හොයපු මම අනුන්ගෙ පුඩියක් කන්නෙ නැතුව රටකට එන එක සාධාරණ නැද්ද කියල තේරුම් ගැනීමේ පහසුව සඳහා ය. එම චෝදනා ගරු අධිකරණයේ දිනෙක තීරණය කළ ද, එයින් මට වන වාසියක් හෝ අවාසියක් නැත. මේ නම් සඳහන් කළේ පැවති තත්ත්වය, අද සාමාජ කථිකාවත සහ මම මුහුණ දුන් ප්‍රායෝගික තත්ත්වය සදළුතලයක ඉන්න කෙනෙකුට තේරුම් ගැනීමේ පහසුව සඳහා ය. එසේ නොමැතිව ඔවුන් මට පුද්ගලිකව අවහිර කිරීමක් නොකළ බව ද කියා සිටින්නේ මගේ විදේශගතවීම ආයතනයක් වශයෙන් මුහුණදුන් ගැටලුකාරී අවස්ථාවේ, ආයතනය බේරාගැනිම සඳහා මාධ්‍යයට සඳහන් කළ බොරු ප්‍රායෝගිකව තේරුම්ගත හැකි නිධාරියකු ලෙසිනි.
ඒව පැත්තකට දාමු....
සිවිල් ජනතාව අමනාප ඇයි...?

ලංකා පොලීසියේ ප්‍රායෝගික පොලිස් නිලධාරියකුට යා හැකි ඉහළ ම තනතුරින් නොබෝදිනකින් විශ්‍රාම යෑමට නියමිත SDIG අජිත් රෝහණ මහතා ගේ විශ්‍රාම යාමෙන් පසු "ප්‍රායෝගික පොලිස් නිලධාරීන්" ඉහල නිලවල නොමැති බවට සනාථ කිරීමට ඉන්න අයගෙන් ඇසිය යුත්තේ ප්‍රශ්න දෙකකි.
1. එක් මිනීමැරුම් සැකකරුවෙකුවත් අත්අඩංගුවට ගෙන ඇති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලංකා පොලීසියේ සිටී ද...?
2. අඩුම සොරකමකටවත් අත්අඩංගුවටගත් සැකකරුවකු අධිකරණයක සාක්ෂි දී වරදකරුවන් කර ඇද්ද?
මම හිතන්නෙ නෑ...
ඔන්න ඕකයි ප්‍රශ්නය; පොලීසිය හදන්න බර පන්තියෙන් ගහන්න හදන ගොඩක් අය ප්‍රායෝගික පොලිස් නෙවේ. ඒකයි සිවිල් මිනිස්සු පොලීසියට මෙච්චර තරහ. ඇහුවොත් ආවේ උපාධියට කියයි. හැබැයි පෙළක් උපාධි නර්තනය සම්බන්ධව. එහෙමත් නැත්නම් management කියයි. හැබැයි දාන්න මේස් ජෝඩුවක් දීගන්න බෑ. නීතිවේදී කිව්වට මෙහෙයවපු නඩුවක් නැත. අනික පොලීසියේ සැප ලැබෙන්නෙ සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළට විතරයි. වැඩක් කරල, පහළ ඉඳන් ආපු කෙනකුට එතෙන්ඩ ඇවිත් ගරාවැටුණ ආයතනයක කරඇරල ඉන්න බැරි නිලධාරීන් පැන්ෂන් යනකම්ම කන කට්ට මම ප්‍රායෝගික නිලධාරීයෙක් හැටියට දැක්ක කෙනෙක්.
හතර අතින් අගාධයකට වැටුණ, ගමනක් නැති ආයතනයක්
ඒකෙනුත් සමහරක් අදටත් පෙන්ෂන් එකත් නැතුව අතින් වියදම් කරගෙන නඩුවලට ගිහින් ගෙදර ඉන්නවා. සමහරක්, අපරාධකාරයින් ගෙ මානව හිමිකම් කැඩුව කියල දඩුවම් විදිනවා. ඕන්නම් උදාහරණය සහිතව පෙන්නල දෙන්න පුළුවන්.
මම පොලීසියට ඇවිත් අජිත් රෝහණ මහත්මය ගෙ පළවෙනි දේශණයට සහභාගි වෙනකොට ඔබතුමා SP. මාත් හිතුව ඔබතුමා වගේ මිනිස්සුන්ට සේවයක් කරල තනතුරෙනුත් ටිකක් ඉහළට යන්න. නමුත් කාලයක් වැඩකරනකොට තේරුණා මේක හතර අතින් අගාධයකට වැටුණ, කොච්චර වැඩ කළත් (පාලකයන්ගෙ පස්ස ලෙවකන්නෙ නැතුව) ගමනක් නැති ආයතනයක් කියල.
අද "වැඩි වැඩ.. වැඩි ලෙඩ" තේමා පාඨය කරගෙන වැඩකරන නිලධාරීන් පැත්ත ගහල ඉන්නෙ ඒකයි. එහෙම නැතුව වැඩ කරන්න බැරුව නෙවේ.
ඔබතුමාට මේ ආයතනය හදන්න පුළුවන් විදියක් පිළිබදව අපටත් වඩා ලොකු අදහසක් ඇති. ඒක පෙන්ෂන් යන්න කලින් ජනාධිපතිතුමා Anura Kumara Dissanayake ට සහ මිනිස්සුන්ට දැනගන්න කියන්න. කොයි තනතුරේ හිටියත් අපි උඩ ලෙවල් එකකින් මේ ආයතනයට, රටට ආදරේ මිනිස්සු.
අවසරයක් නැතිව Photo එක දැම්මට සමාවෙන්න... ප්‍රායෝගික පොලිස් නිළධාරියෙක් වශයෙන් අවසන් වරට තනතුරෙන් ඉහළට ම ගිය නිලධාරියා (ආයේ කවදාවත් පහළින් එන කෙනෙකුට SDIG කෙනෙක් වෙන්න බෑ) ඔබයි. එතන ලොකු ගරුත්වයක් සහ අපේකමක් මට දැනෙනවා.

Duminda Jayathilaka Paris - විශ්‍රාමික පොලිස් පරීක්ෂක
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
