කොළඹ සාහිත සමය Colombo Literary Festival ලංකාවෙ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙ හරිම වැදගත් කටයුත්තක්. මේ වගේ වැඩක් සංවිධානය කිරීම ගැන ඒ පිටිපස්සෙ ඉන්න අයට ගෞරවය හිමි වෙන්න ඕනෙ.
එහෙම වුණත් මේ ෆෙස්ටිවල් එක පසුබිමේ තරමක ප්‍රභූවාදී ගතියකුත් තියෙනව කියල මට හිතෙනව.
ප්‍රබන්ධ සාහිත්‍යය ගත්තම ප්‍රධාන කුල දෙකක් තියෙනව. සමාජ සංස්කෘතික දේශපාලන ගැටලු සහ තත්වයන් වගේ වඩා සීරියස් දේවල් පසුබිම් කරගත්තු, කතා කීමේ විලාසය අතින් අලුත් අත්හදාබැලීම් එහෙමත් කරන, වඩාත් බුද්ධි කේන්ද්‍රීය රස වින්දනයක් ඉල්ලා සිටින, සම්මාන උත්සවවලදිත් අවධානයට ලක් වෙන ප්‍රබන්ධ සහ ඒවා කරන ලේඛකයන් එක කුලයක්. මේක සාහිත්‍යයෙ ප්‍රභූ කුලය කියලත් හඳුන්වන්න පුලුවන්.
ඊට වඩා සරළ රස වින්දනයකට ගෝචර වෙන , හැඟීම්වලට සමීප, සමාජයේ වැඩි පිරිසකට ග්‍රහණය කරගත හැකි නිර්මාණ සහ ඒවා කරන ලේඛකයන් තව කුලයක්. මේකට අර තරම් ප්‍රභූත්වයක් හිමිවෙන්නෙ නැහැ. ඒවට සම්මාන දෙන සම්ප්‍රදායකුත් නැහැ. ඒව ගැන කතා කරන්න ප්‍රභූ කුලයෙ අය එච්චර කැමතිත් නැහැ. ඒ ගැන අධ්‍යයනයකුත් නැහැ.
Colombo Litarary Festival කියන්නෙ අර මුලින් කියපු ප්‍රභූ කුලයෙ උත්සවයක්.
නවකතා, කෙටිකතා, කවි වගේ දේවල්වල බොහෝ පැති ගැන මේකෙදි අවධානයට ලක් වුණත් දෙවැනි කුලයෙ නිර්මාණවලට අදාළ කාරණා ගැන සාකච්ඡාවක් මේ උත්සවයෙ නැහැ.
ලංකාවේ ප්‍රබන්ධ සාහිත්‍යය ඇසුරු කරන පාඨකයන් සහ ඒ ගොල්ලො රස විඳින ප්‍රබන්ධ, ප්‍රිය කරන ලේඛකයො විශාල පදාසයක් ඉන්නෙ මේ ෆෙස්ටිවල් එකේ "ප්‍රභූවාදී" සීමාවෙන් පිට. ප්‍රේම කතා, ඒ වගේම රහස් පරීක්ෂක කතා, අද්භූත කතා, භීම කතා වගේ thrillers මේ පදාසයට අයිතියි. ඒව කියවන සරළ පාඨකයො, ලියන ලේඛකයො ඒ පදාසයට අයිතියි. නමුත් මේ කොටස Colombo Literary Festival එකෙන් පිටමං කෙරිල තියෙන්නෙ. ඒකට හේතුව ඒ සාහිත්‍යය පහත් කියල තියෙන පිළිගැනීම.
මේ ෆෙස්ටිවල් එක inclusive event එකක් කියල මිලින්ද මොරගොඩ කියල තියෙනව දැක්ක. ඒකෙ ලොකු ඇත්තක් තියෙනව. ඒත් ලංකාවෙ සාහිත්‍යයෙ අර පදාසය මේකෙ include වෙන්නෙ නැහැ. ඒකේ වැරැද්දක් කියනව නෙවෙයි. මම මේක ලිව්වෙ මේ ෆෙස්ටිවල් එකේ ස්වභාවය ගැන අදහසක් හැටියට.

සටහන - Nihal Peiris
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
