ඊයේ සහ පෙරෙයි දා (05, 06) මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මතු පළ වන්නේ ඔහු විසින් ම පරිවර්තනය කරන ලද එම පැමිණිල්ලේ සිංහල පරිවර්තනය යි.
- මීගමුව බන්ධනාගාරයේ සිදුවීම, සිදුවී ඇති බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝන සහ රජයේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට රාජ්‍යය අපොහොසත් වීම සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන විමර්ශනයක් ඉල්ලා කරන පැමිණිල්ල.
ගරු සභාපතිතුමිය / සභාපතිතුමා,
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත බලතල යටතේ ඔබගේ කඩිනම් මැදිහත්වීම ඉල්ලා මෙම පැමිණිල්ල ගෞරවයෙන් ඉදිරිපත් කරමි.
මේ වන විට මහජනතාවට ප්‍රසිද්ධව ඇති තොරතුරු අනුව, එම සිදුවීම හේතුවෙන් සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව සැලකිය යුතු පිරිසක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇත. මෙම වාර්තා සත්‍ය බව තහවුරු වුවහොත්, මෙම සිදුවීම මූලික මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවට මෙන්ම රාජ්‍ය පරිපාලනයේ බරපතළ අසාර්ථකත්වයක් සහ ශ්‍රී ලංකා රජයට ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර නීතියෙන් පනවා ඇති වගකීම් කඩ කිරීමක් බවට මූලිකව පෙනී යන කරුණු හෙළි කරයි.
නිදහස අහිමි කර රජයේ භාරයේ රඳවා සිටින සෑම පුද්ගලයෙකු ම සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ භාරකාරත්වය සහ පාලනය යටතේ සිටී. එබැවින්, ඔවුන්ගේ ජීවිතය, ශාරීරික අඛණ්ඩතාව, මානව ගෞරවය, සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඉහළම මට්ටමේ නීතිමය හා ව්‍යවස්ථානුකූල වගකීමක් පවතී. ඔවුන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වරද කුමක් වුවද, එම වගකීම කිසිදු අවස්ථාවක අඩු නොවේ.
රාජ්‍ය භාරයේ සිටින පුද්ගලයන් මිය යන විට හෝ බරපතළ තුවාල ලබන විට, එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු සාධාරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, රාජ්‍ය නිලධාරීන් නීතියට, සමානුපාතිකභාවයට සහ දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළ බවත් පෙන්වා දීමේ වගකීම රාජ්‍යයටම පවතී.
ඒ අනුව, මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අදාළ නීති සහ ශ්‍රී ලංකාව භාරගෙන ඇති ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් උල්ලංඝනය වී තිබේද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
විශේෂයෙන්ම පහත කරුණු පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
