2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණයට සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් වැය කර මූල්ය අවභාවිත කළ බව කියන සිද්ධිය ට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (14) ජාත්යන්තර වරෙන්තුවක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර බැසිල් රාජපක්ෂ යන අය ඇමරිකාවේ කැලිෆෝනියා හි පදිංචි බවට දිව්රුම් ප්රකාශ ඉදිරිපත් කරමින් ජාත්යන්තර පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් යොදවමින් රුසියාවට යවන බව පවසා දිනන ඌව නමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රුව සහිත ටී ෂර්ට් 12000ක් මුද්රණය කර බෙදා හරිමින් රජයේ මුදල් අවභාවිත කර ඇත බවට පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
මෙහි පළමු සැකකරු හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි මැදමුලන වීරකැටිය 114, වලව්ව ලිපිනයට ගිය බවත් ඔහු එහි නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එසේම එම ලිපිනයේ ග්රාම නිලධාරි වරයාගේ සහ පවුලේ ඥාතීන් ගේ ප්රකාශ ලබා ගත් බවත් ඔහු මේ වනවිට ඇමරිකාවේ පදිංචි බවට අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු පදිංචි විදේශ ලිපිනයට වරෙන්තුව යොමු කිරීමට ජාත්යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සියා පොලීසිය විමර්ශන නිලධාරියාගේ දිව්රුම් ප්රකාශ ඉදිරිපත් කරන බව අධිකරණයට දන්වා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා ජාත්යන්තර පොලීසිය වෙත නිකුත් කිරීමට රතු වරෙන්තුවක් ඉංග්රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති මොහොමඩ් ජවුෆර් මොහොමඩ් රෑමි යන අය විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති දෙවන සැකකරු භාෂ්වර සේනාංක යන අයට ලබන නොවැම්බර් මස 2 සිට 2027 ජනවාරි මස 5 දක්වා තාවකාලිකව විදේශ ගත වීමට අවසර ලබා දුන්නා.
නඩුව වැඩිදුර වාර්තා සදහා ලබන නොවැම්බර් මස 18 තෙක් කල් තැබන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
