ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, ඔහුගේ මියගිය සුරතලා ගේ දෙවසර අනුස්මරණය කිරීම නිමිත්තෙන් දිවයින පුරා විසිරී සිටින වීථි සුනඛයන් හට ආහාර ලබා දීමේ වැඩසටහනක් ඊයේ (07) සංවිධානය කර තිබුණි.
මතු පළ වන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු සිය face book පිටුවෙහි පළ කර තිබූ අදහස යි.
දරුවකු සමව සමීපව...
'බන්චිගෙයි මගෙයි අතරෙ තිබුණු ඒ ආදරණීය බැඳීම ගැන ෆේස්බුක් එකේ ඉන්න ගොඩක් දෙනෙක් දැන් දන්නවා. බන්චි මගේ ළඟට ආවෙ මීට අවුරුදු 15 කට පෙරාතුව මම බිස්නස්වලින් අසීරුම අඩියකට වැටිල තිබුණ එක්තරා කාලවකවානුවක දි. විශේෂයෙන් ම ඒ කාලෙ මගේ ව්‍යාපාර දවසින් දවස පාඩු ලබද්දි වගේ ම, බැංකු ණය පවා ගෙවාගන්න අසීරු අවස්ථාවක පුදුකාමාර විදියට මානසික ව්‍යාකූලත්වයකට ලක් වුණා. ඉතින් ඒ දවස්වල පුරුද්දට වගේ මට තියන හැම ප්‍රශ්ණයක් ම ගෙදර ඇවිත් බංචිත් එක්ක කතා කරන්න මම පුරුදු වෙලා හිටියා. මම කියන කිසිම දෙයක් බන්චිට නොතේරුණත්, මගේ තියන හැම ප්‍රශ්ණයක් ම එයා තේරුම් ගත්තා වගේ සාවධානව එයා අහගෙන හිටියා. ඉතින් පුරා වසර 14 ක කාලයක පටන් මගේ සතුට වගේ ම, දුකත් බෙදාගන්න බන්චි දවසෙන් දවස පුරුදු වුණා. ඉතින් කොහේදෝ ඉඳන් ආපු අපේ බංචි මටත් නොදැනුවත්ව ම මගේ ම දරුවෙක් වගේම මගේ ජීවිතයට සමීප වුණා.

බංචි වෙනුවෙන් මම
මීට වසරකට පෙරාතුව එක දිගට ම අසනීප වෙලා උන්නු බන්චිව තනි කරලා මම ගෙදරින් පවා නොසෙල්වී සිටියත්, 2024 පෙබරවාරි 07 අද වගේ දවසක එයා මාව දාල යන්න ම යන්න ගියා. දරුවෙක් වගේ මගේ ළඟටම වෙලා දුක සැප බෙදාගෙන අවුරුදු 14 ක් එයා මාත් එක්කම ඉඳියත්, ලෝක ධර්මතාවය සල්ලිවලටවත්, බැඳීම්වලටවත් පරාද කරන්න ඔයාට බෑ කියල මම එදා දැනගත්තා පුතේ. ඒත්, ඔයා මගේ ජීවිතේ ඇතුළෙ පුරවපු මතක වගේ ම මාත් එක්ක බෙදාගත්ත අතීත ස්මරණ සියල්ලක්ම මම හැමදාමත් මතක් කරමින් ඔයාට ආදරේ කරනවා. ඔයා වෙනුවෙන් මම ආදරයෙන් අදටත් අපේ ගෙදර තියාගෙන රැකබලාගන්න සියයකට ආසන්න අසරණ වීථි සතුන් සියල්ලක් ම මම හැකි උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ඔයා වෙනුවෙන් අද ලංකාවෙ ගොඩාක් ප්‍රදේශ නියෝජනය වෙන විදියට සහ රටේ බොහෝ පැති ආවරණය වන පරිදී විසිරී සිටින අසරණ වීථි සතුන්ට මම හැකි උපරිමයෙන් ආහාර ලබා දෙනවා.

අනුග්‍රාහකත්වය
මේ සඳහා Araliya Rice Producers, Araliya Packaging Lanka, Araliya Agro Holdings, Araliya Beach Resort & Spa - Unawatuna, Araliya Green City, Araliya Green Hills Hotel, Araliya red, Hotel Sudu Araliya, අරලිය ජෙම්ස්, අරලිය ප්‍රියන්ත කොන්සොලිඩේටඩ්, අරලිය ඉන්ජිනියරිංග්, Araliya Lands & Homes - Pvt Ltd. ඇතුලු සියලුම ආයතනයන් සහ අරලිය රෙසිඩන්ස් සියල්ලක්ම තම නොමසුරු දායකත්වය හැකි උපරිමයෙන්ම ලබා දෙනවා.

ආවරණිත ප්‍රදේශ
මෙම වැඩසටහන මාතලේ, නාඋල, මොරගහකන්ද, නාගොල්ල, මාලිගාතැන්න, කූබියන්ගොඩ, හුලංගමුව, අලුවිහාරේ, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, වැලිකන්ද, ඇලහැර, නුවරඑළිය, රාගල, හැටන්, නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය, උණවටුන, දෙවට, පින්නදූව, හබරාදූව, අහංගම, තල්පේ, කිරිඳිවෙල, මහරගම, පන්නිපිටිය, කඩවත, මහර, රාගම ආදී ප්‍රදේශ වල පැවැත්වුණා.

මතු සසරෙදි මිනිසත් බව ලැබේවා...!!!
ඒ නිසා මගේ ආදරණීය බංචි කෙල්ල, ඔයා අපෙන් වෙන් වෙලා දෙවසරක් ගෙවෙන අද වගේ දිනයක මම ඔයා වෙනුවෙන් යමක් ඉල්ලනවා. ඔයාට මතු උපදින සසරක මිනිසත් භවයක්ම ලැබිලා, අප අතරේම යළි ඉපදෙන්න කියල අද වගේ දවසකත් නැවතත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සත්කාරය දැකලා හිත් පහදාගන්න, ඔයාට ආදරය කරන හැමෝගෙ ම ජීවිත සුඛිත මුදිත වෙන්න කියන ප්‍රාර්ථනයත් මම මේ සමග ම සිදුකරනවා.'

ඩඩ්ලි සිරිසේන

