V2025

පුවත්

මාර්ගෝපදේශ අලුත් වෙයි

කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් පණවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (16) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ආගමික ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන, ඔට්ටු ඇල්ලීමේ ස්ථාන, ශාලා සංගීත සංදර්ශන, ත්‍රාසජනක ක්‍රියාකාරකම් ස්ථාන සහ භෞතික සම්බන්ධ නොවන කණ්ඩායම් ක්‍රීඩා තරඟ සඳහා මේ අනුව සීමා ලිහිල්කර තිබේ.

එම නිවේදනය අනුව ගෘහස්ථ සංගීත සංදර්ශන අදාල ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50ක ප්‍රේක්‍ෂකයන් සහිතව පැවැත්වීමට අවසර හිමිව ඇති අතර සැණකෙළි සහ සංදර්ශන සඳහා අවසර හිමිව නැත.

සත්ව උද්‍යානයවලට වරකට ඇතුළත්කළ හැකි නරඹන්නන්ගෙන් 25%කි. මෙම සියලුම ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුත්තේ කොවිඩ් – 19 පූර්වආරක්‍ෂක ක්‍රම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කරයි.

802e45dd 13fb650e b6af 4b85 aaa0 bfa5a354e362

ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා මුදා හැරේ

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට යැවූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  ඇතුළු 16 දෙනා නිරෝධායනයෙන් මුදා හැර තිබේ.

ජෝසප් ස්ටාලින්  ඇතුළු පිරිස අද රාත්‍රීයේම යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉකුත් 08 වනදා අත්අඩංගුවට ගත් එම පිරිස පසුව නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණි.

මහාචාර්ය විමල් ජී. බලගල්ලේ දිවි සැරිය නිම කරයි

මෙරට ජ්‍යෙෂ්ඨ භාෂා විශාරදයෙකු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත විය.

කෙටි කලක් රෝගාතුරව පසුවූ බලගල්ලේ මහතා මියයන විට 97 වන වියෙහි පසුවිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ, හාපිටිගම් කෝරළේ, බලගල්ල නම් ග්‍රාමයෙහි 1924 නොවැම්බර් 24 වැනිදා උපත ලැබූ බලගල්ලේ මහතා දරුවන් සයදෙනකුගෙන් යුතු වූ පවුලේ පස්වැන්නා විය.

ඔහු සිය මූලික අධ්‍යාපනය ගම්පහ වික්‍රමශීලා පිරිවෙනෙන් සහ මාළිඟාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් අධ්‍යාපනය හදාරා ප්‍රාචීණ පණ්ඩිත උපාධිය සමත් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල ගෞරව උපාධිය හිමි කර ගත්තේ ය.

1958 වසරේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භයත් සමග එහි සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුණු විමල් ජී. බලගල්ලේ මහතා කෙටි කලකින් සිංහල අධ්‍යයනාංශාධිපති තනතුරට සහ මහාචාර්ය පදවියට පත්ව එහි සිංහල අධ්‍යයන අංශයේ වසර 32ක් සේවය කළේය.

ඔහු විසින් සිංහල භාෂාව සම්බන්ධයෙන් සහ වාග් විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල භාෂාවේ සම්භවය සහ පරිණාමය, සිංහල භාෂාවේ ප්‍රභවය සහ ප්‍රවර්ධනය වැනි විශිෂ්ට පර්යේෂණ කෘති රැසක් පළ කළේ ය.

ඒ වෙනුවෙන් ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මානය, යුනෙස්කෝ සම්මානය, රාජකීය ආසියාතික සංගමයේ ස්වර්ණ මුද්‍රිකාව මෙන්ම මෙරට හා විදේශීය විශ්වවිද්‍යාලවලින් ද සම්මාන හිමිවිය.

බලගල්ලේ මහතා සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස 1994 වසරේ සිට 2002 වසර දක්වා කටයුතු කළ අතර සිංහල මහා වංශ සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

බලගල්ලේ මහතා 1961 -1963 කාලයේ දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නූතන වාග් විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිය.

සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය පිළිබඳ ඉතිහාසය හෙළි පෙහෙළි කිරීම සඳහා කැපී පෙනෙන සේවාවක් කළ මහාචාර්ය විමල් ජී.බලගල්ලේ මහතා මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබඳව දැක්වූ යුග බෙදීම සංශෝධනය විය යුතු ආකාරය ද පෙන්වා දුන්නේය.

මහාචාර්ය ගයිගර් විසින් රචිත The Linguistic of Sinhalese නමැති ලේඛනය ‘සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය’ නමින් සිංහලයට පරිවර්තනය කළ බලගල්ලේ මහතා ‘සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය’ (1992), ‘සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය’ (1996) යන නිබන්ධ සම්පාදනය කරමින් සිංහල භාෂාවේ ඉතිහාසය හදාරන විද්‍යාර්ථින් වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටුකළේය.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන විමල් ජී. බලගල්ලේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

පලනි දිගම්බරන් සිරිකොතට !

සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මුලස්ථානය වෙත යාම සම්බන්ධව මේ වන විට අදාළ පක්ෂවල දැඩි අවධානය යොමුව තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පසුගිය 14 වනදා පස්වරුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වී ඇත.

මාස කිහිපයක් විදේශගතව සිටි පලනි තිගාම්බරන් මන්ත්‍රීවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම විශේෂ කාරණයක් බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් සහ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අතර සාකච්ඡා වූ කරුණු ගැන මාධ්‍යයට අනාවරණය නොවූ අතර මෙම සාකච්ඡාව ගැන එජාප මහලේකම්වරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට කරුණු වාර්තා කර ඇති බවත් දැනගන්නට ඇත.

භික්ෂූන්ට මඩ ගහලා : කුප්‍රකට ගායකයාට එරෙහිව CID වෙත පැමිණිල්ලක් ! (වීඩියෝ )

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ නම් පුද්ගලයන්ගේ යැයි කියමින් නම් ලයිස්තුවක් සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කිරීම පසුපස ගවුම් ඇඳන් සිංදු කියන, පිරිමියෙකුත් නොවන ගැහැනියකුත් නොවන පුද්ගලයෙක් සිටින බව උලපනේ සුමංගල හිමි පවසයි.

අදාළ මඩ ගැසිමේ ක්‍රියාවට එරෙහිව තමන් වහන්සේ අද (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් උන්වහන්සේ සඳහන් කරයි.

ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී උන්වහන්සේ පෙන්වා දුන්නේ ජනතා ප්‍රශ්න කතාකරන පුද්ගලයන් චූදිතයන් ලෙස නම් කොට ලයිස්තුවක් සකස් කිරීමට මෙම පුද්ගලයා කටයුතු කොට ඇති බවයි.

මෙම පුද්ගලයා රාජපක්ෂ කඳවුර නියෝජනය කරන සුරතලකු බවද කියා සිටි උන්වහන්සේ තමන් වහන්සේලා මඩ ගසා විනාශ කළ හැකි චරිත නොවන බවද පැවසීය.

රාජපක්ෂ පවුලේ ලෝක වාර්තාවක් : එරාන් හෙළිකරයි !

එකම පවුලේ පස්දෙනෙකු අමාත්‍ය මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

ලොව වෙනත් කිසිම රටක එකම පවුලේ පස්දෙනකු අමාත්‍ය මන්ඩලයක් නියෝජනය නොකරන බවද ඔහු සඳහන් කල අතර ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් ධක්වමින්ය.

මේ වනවිට රජපක්ෂ පවුල නියෝජනය කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අතර රාජ්‍ය අමාත්‍යවරයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක එම පවුල් සමාගම නියෝජනය කරයි.

එසේම පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතද වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව මේ වනවිට පවුල් සමාගමක පාලනයට නතු වෙමින් පවතින බවයි.

පරිස්සමෙන් : රට වටේම ඩෙල්ටා !

මාරාන්තික කොවිඩ් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ ලබාගත් නියැඳී මගින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

කොළඹ, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් ලබාගත් සාම්පල මගින් මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මේ වනවිට මෙරටින් ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

මාධ්‍ය මර්දනයේ බරපතළ එළඹුමක් : මාධ්‍ය සංගම් පොලිස්පතිට ලියයි !

විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව විස්තර විමසන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පරික්ෂා කර බලා මැදිහත් වන ලෙසට ඉල්ලමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා තිබීම බවත් එහි සඳහන් කර ඇත.

එහිදී පැය තුනකට ආසන්න කාලයක් ඔහුව ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ ඊමේල් ලිපිනයේ සහ මුහුණුපොතේ මුරපද, වට්ස්ඇප් අංකය සහ බැංකු ගිණුම් අංකය පවා ලබාදෙන ලෙස බලපෑම්කර ඇති බවත් දැනගන්නට ඇති බව සඳහන් කරන අදාළ ලිපිය මාධ්‍යවේදීන්ගේ පුද්ගලික සංනිවේදන මුරපද ලබාගැනීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ සංනිවේදන රහස්‍යභාවය අහෝසි වී අන් කෙනෙකුට ඕනෑම වෙනස් කිරීමක් හෝ ඇතුල් කිරීමක් කළහැකි බව අමුතුවෙන් පැහැදිළි කළයුතු කරුණක් නොවන බව පොලිස්පතිට පැහැදිළි වනු ඇතැයි සිතන බවත් අවධාරණය කර ඇත.

මෙම ලිපිය සඳහා ධර්මසිරි ලංකාපේලි- මහ ලේකම්- මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය , සීතා රංජනී- කැඳවුම්කරු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , දුමින්ද සම්පත්- සභාපති- ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය , එන්.එම්.අමීන්- සභාපති- ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය , කනපතිපිල්ලේ සර්වානන්ද- ලේකම්- දමිළ මාධ්‍ය සංසදය ,සහ ඉඳුනිල් උස්ගොඩ ආරච්චි-ලේකම්-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අත්සන් කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

    1. 14 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් මුලස්ථානය, කොළඹ.

පොලිස්පතිතුමනි,

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස සිදුකරන බල කිරීම් සම්බන්ධවයි.

විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව විස්තර විමසමින් තිබෙන බව මාධ්‍ය සංවිධාන එකතුව වෙත වාර්තා වී ඇත.

ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා තිබීමය. පැය තුනකට ආසන්න කාලයක් ඔහුව ප්‍රශ්න කර ඇති බවත් ඔහුගේ ඊමේල් ලිපිනයේ සහ මුහුණුපොතේ මුරපද, වට්ස්ඇප් අංකය සහ බැංකු ගිණුම් අංකය පවා ලබාදෙන ලෙස බලපෑම්කර ඇති බවත් දැනගන්නට ඇත. මාධ්‍යවේදීන්ගේ පුද්ගලික සංනිවේදන මුරපද ලබාගැනීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ සංනිවේදන රහස්‍යභාවය අහෝසි වී අන් කෙනෙකුට ඕනෑම වෙනස් කිරීමක් හෝ ඇතුල් කිරීමක් කළහැකි බව අමුතුවෙන් පැහැදිළි කළයුතු කරුණක් නොවන බව ඔබතුමාට පැහැදිළි වනු ඇතැයි සිතමු.

මීට පෙර ද අවස්ථා කීපයකදීම මඩකලපුවේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සශිදරන් ද මෙලෙස වරින්වර පොලීසිය වෙත කැඳවා ප්‍රශ්න කිරීම සිදුකර තබුණි.

කිසියම් පැමිණිල්ලක් හෝ වෙනත් සිදුවීමක් නිසා මාධ්‍යවේදියකු සම්බන්ධයෙන් කුමන හෝ පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අතිශය පෞද්ගලික තොරතුරු ලබාදෙන ලෙස බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවේ.

එහෙයින්, මෙම සිදුවීම් පිළිබඳව වහා මැදිහත්ව විමසා බලා මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදුවන මෙවැනි බාධා වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට තම මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව වන අපි පොලිස්පතිවරයා වන ඔබගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මාධ්‍ය සංවිධාන එකතුව

අධිවේගී මහා මංකොල්ලයක සුලමුල : චම්පික හෙළිකරයි !

කාගේත් කතා බහට ලක්ව ඇති මහ බැංකු වංචාව ජනතාවට පෙන්වමින් පවතින රාජපක්ෂ රජය එම මහ බැංකු වංචාවටත් වඩා "විසි ගුණයක" අධිවේගී මහා මංකොල්ලයකට කෙටුම්පත් සකසා ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කරයි.

එහිදී රාජපක්ෂවරුන් 2005 පටන්ගත් නාඩගම යලි අරඹා ඇති බවත් ජපන් රජය මගින් සහන ණය ක්‍රමයට ලබාදුන් LRT ව්‍යාපෘතිය නවතා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරිම තුලින් අධිවේගී මහා මංකොල්ලයට අත ගසා ඇති බව ඔහු පවසයි.

එහිදී යහපාලන රජය සමයේ වසර තුනක සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස ජපන් ආධාර යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ලැබුණ බවත් තවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති තුනක් සදහා ශක්‍යතා අද්‍යනයක් සිදුකොට තිබු බවත් එම වකවානුව තුල නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නමුදු විදේශීය ජාවාරම් කාරයන්ට කත් අදින දේශීය ජාවාරම්කාර පවුලක් නව රජයක් ලෙස පත්වීමත් සමඟ ඩොලර් බිලියන ගණන් තම සාක්කුව පුරවා ගෙන අහිංසක ජනතාව ණයකාරයන් බවට පත් කරමින් සිටීම නොවැලැක්විය හැකි බව ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා දුෂිත රාජ්‍ය නිලධාරියෙකු ලෙස නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත බන්දු වික්‍රම "මෙම ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අධික වියදමක් යන බවත්" ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර "මෙම ව්‍යාපෘතියෙන් ලංකික ජනතාව තවත් ණයකාරයන් වන බවත්" පවසා ජනතාවට බොරු බිල්ලෙකු මවා පාමින් කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් සකසමින් තම හිත මිතුරු ජාවාරම්කාර පවුලට මහා මංකොල්ලයකට ඉඩහසර ලබාදුන් බව හෙළි කරයි.

සැහැල්ලු දුම්රිය නවතා ඇරඹි මහා මංකොල්ලය !

තවද යහපාලන රජය සමයේ ජපන් රජයේ ආධාර ඇතිව ඉදිවීමට තිබු මෙම LRT ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට තිබු මුළු වියදම ඩොලර් මිලියන 1374ක් උවද මෙම ජාවාරම්කාර පන්තිය විසින් එය නවතා දමා ඩොලර් මිලියන 1620ක් වියදම් කරමින් මෙම නව කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකරමින් මහා මංකොල්ලයක් සිදුකොට තිබේ.

ඉදිවීමට පැවති LRT ව්‍යාපෘතිය නිකන්ම ගුවනින් යන දුම්රියක් පණක් නොව එම ඩොලර් මිලියන 1374ක් යටතේ මේ සඳහා අවශ්‍ය දුම්රිය කට්ටල,ඒවා ගාල් කිරීම සඳහා අවශ්‍ය ස්ථාන,අලුත්වැඩියා කටයුතු සඳහා කර්මාන්ත ශාලා සහ ස්ථාන 17ක් නියෝජනය වෙමින් ඉදිවන නැවතුම්පොළවල් වලින්ද සමන්විත වූ බව චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

තවද මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යනයට උපදේශකවරුන්ගේ හා ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ගැනීම් ඉඩම් අත්පත් කරගැනීම වැනි අතිරේක වියදම් වශයෙන් ඩොලර් මිලියන 848ක් වෙනකොට තිබු බවත් එත් සමඟ වූ සමස්ත වියදම ඩොලර් මිලියන 2222ක් උවද ඉංජිනේරුවරුන්ගේ හා උපදේශකවරුන්ගේ අධ්‍යනයෙන් අනතුරුව මෙම මුදල 15%කින් අඩු කොට ඩොලර් මිලියන 1900කට අඩු කර ගත හැකිවූ බවත් වැට් බද්ද අඩුවීමෙන් එම මුදල තවත් අඩුවීමට තිබු බවත් ඒ මහතා පවසයි.

ඩොලර් මිලියන 475න් කරන්න තිබුණ වැඩක් !

නමුදු මෙම ව්‍යාපෘතිය නවතාලමින් ඔරුගොඩවත්තේ සිට අතුරුගිරියට කිලෝමීටර් 19ක දුරකින් ඉදිකිරීමට කැබිනට් අනුමැතියද හිමිවීමට පවතින කණුමතින් මතින් දිවෙන අධිවේගී මාර්ගය කිලෝමීටරයක් ඩොලර් මිලියන 25ට ඉදිකරමින් සමස්ත ව්‍යාපෘතිය ඩොලර් මිලියන 475ක මුදලකින් අවසන් කිරීමට හැකියාව තිබියදී මෙම ජාවාරම්කාර පැලැන්තිය එය ඩොලර් මිලියන 1620කට ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළිකරයි.

එමෙන්ම ජපන් රජයේ ආධාර හා ජපන් දැනුම භාවිතා කරමින් ඉදිවීමට තිබු LRT ව්‍යාපෘතිය සඳහා වසර 15ක් යනතුරු කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවූ බවත් එම වසර 15ක කාලය තුල උපයන සියලු මුදල් ශ්‍රී ලංකා රජය සතුවන බවත් වසර 15කින් පසුව ගෙවා දමන ණය සදහාද 0.1% පොලියක් ගෙවීමට එකඟව සිටි බවත් ඔහු පවසයි.

පවතින ඩොලර් හිඟයට මේ මොහොතේ මහඟු පිටුබලයක් වීමට තිබු ව්‍යාපෘතිය නවතා දමා වසර 15ක් තුල එක් වසරකට ඩොලර් මිලියන 108ක් 23%ක පොලියක් යටතේ ගෙවීමට සිදුවන ණයක් ලබා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම මල්ඵල ගන්නවමින් ජනතාව ණයකරුවන් කොට මහා අධිවේගී මංකොල්ලයක් සිදුකර ඇති බව අමාත්‍යවරයා හෙළිකරයි.

එමෙන්ම මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක තවත් අනාවරණයක් කරමින් පවසා සිටියේ මෙම ඉදිකිරීමට සැලසුම් කර ඇති කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ නිසි පරිසර අද්‍යනයක් සිදුකොට නොමැති බවත් එහි අතුරුගිරියේ සිට රාජගිරිය දක්වා කොටස දිවෙන තලංගම තෙත්බිම් වල පරිසර අධ්‍යනයක් නොකොට එම තෙත්බිම ගැසට් කොට ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීමේ සැලසුමක රජය සිටින බවත්ය.

ඩොලර් මිලියන 150 ට ආසන්න වැඩේ ඩොලර් මිලියන 456 ට ?

තවද මෙම මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීමට ලබාදී ඇති විදේශීය කොන්ත්‍රාත් සමාගමට චෛත්‍ය පාරේ සිට කොල්ලු පිටියට ගෝල්පේස් එක යටින් ඉදිකිරීමට සැලසුම් කොට තිබු මාර්ගයද ලබාදීමට සැරසෙන බවත් එය ඩොලර් මිලියන 456ක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා හෙළි කරයි.

නමුදු එම මාර්ගය යහපාලන රජය සමයේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු එකක් බවත් එය ඩොලර් මිලියන 150ට ආසන්න ගණනකට ඉදිකිරීමට සැලසුම් කොට තිබු බවත් චම්පික රණවක මහතා අනාවරණය කරයි.

විදෙස් සමාගමට ඩොලර් මිලියන 1500 කට අධික ලාභයක් !

මෙහිදී මෙම ජාවාරම්කාර පවුල අදාල විදේශීය සමාගමට මෙම මාර්ග දෙකම ලබාදීමෙන් ඔවුන්ට ශුද්ධ ලාබය ලෙස ඩොලර් මිලියන 1500කට අධික මුදලක් හිමිකර දී ඇති බව හෙළිවේ.

මෙම අනාවරණය සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසා සිටියේ නිවැරදි දුරදර්ශි ඉංජිනේරුවරුන් මෙම මහා මංකොල්ලයට එරෙහිව නැගී සිටිය යතු බවත් තමන් ණයකාරයන් කරන මෙම ජාවාරම්කාර පවුලට එරෙහිව ජනතාවද නැගී සිටිය යුතු බවයි.

ඩලා බැසිල් කොලේ වැහුවද ? අනුර (වීඩියෝ )

''සාමාන්‍යයෙන් ඕනෑම කැබිනට් පත්‍රිකාවක් සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නම් අවම වශයෙන් සිකුරාදා වන විටවත් ඇමතිවරුන් අතට කැබිනට් පත්‍රිකා ලැබෙනවා. කෙසේ වුවත් මේ කැබිනට් පත්‍රිකාව එසේ ලැබුණේ නැහැ. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට යනවිට මේ පත්‍රිකාව අතිරේක පත්‍රිකාවක් ලෙස මේසය මත තබා තිබුණා. මෙය විදුලි බල විෂයට අයත්. මා දැනගන්න කැමතියි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගෙන්, මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වන බව ඔබ දැනසිටියාද? ඔබව ඒ පිළිබඳව දැනුවත් කර තිබුණාද? මා දන්නා පරිදි නම් ඔහු පවා මේ පත්‍රිකාව දකින්නේ ඊට වාඩි වූවාට පසුවයි." යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මෙසේ සඳහන් කර සිටියේ ඊයේ (13) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

"ඕනෑම කැබිනට් පත්‍රිකාවකට, විශේෂයෙන් ඒ විෂයට අදාළ අමාත්‍යවරුන්ට ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. මෙය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නිසා විදුලි බල අමාත්‍යවරයාටත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාටත් නිරීක්ෂණ ලබා දීම සඳහා කාලයක් ලබා දුන්නා. ඔවුන් කාලයක් ඉල්ලා තිබුණා. ඒ මොහොතේම ඔවුන්ට නිරීක්ෂණ ලබා දෙන ලෙස කියා තිබෙනවා."

"මේ කඩිමුඩිය කුමක් සඳහාද? කොළේ වසා ගැසීමේ තේරුම කුමක්ද? ඒ අනුව පැය 24ක කාලයක් ලබා දී තිබෙනවා. ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබුවත් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවම අනුමත කරනු ලබනවා."

"ඇතැම් කැබිනට් ඇමතිවරුන් නොමඟ යවා, ඇතැමුන් රවටා මුදල් ඇමතිවරයා විසින් එය ඉදිරිපත් කර තිබෙනවා. එම පත්‍රිකාව සකස් කරන අවස්ථාවේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි, දැන් ඉදිරිපත් කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂයි."

''රාජපක්ෂ පවුලට අයිති මැදමුලන දේපළක් විකුණනවා වගේ ජාතික ආර්ථිකයේ කොටස්, ජාතික ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපානු ලබන කොටස් මෙම ඇමරිකානු සමාගමට ලබා දී තිබෙනවා.''

පසුගිය සඳුදා (ජුලි 12) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මිට අදාල කැබිනට් පත්‍රීකාව ඉදිරිපත්කර කරනු ලැබුවේ විෂය බාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ද වසන්කර දැයි ජවිපෙ නායකයා මෙහිදී සැකමතු කළේය.

කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම් එක්සත් ජනපදයේ පිහිටි සමාගමකට භාරදීමට උත්සාහයක් පවතින බවත් ඔහු එහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

'' පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපානු ලබන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබෙනවා. එසේම එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතාත් 'නිව් ෆෝට්ට්‍රස්' ඇමරිකානු සමාගම සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. ''

වෘත්තීය සමිති හයිය පෙන්නයි !

ජෝශප් ස්ටාලින් , දුමින්ද නාගමුව ඇතුළු දේශපාලන සහ වෘත්තීය සමිති නායකයින් නිරෝධායනයට යොමු කිරීමට විරෝධය දක්වමින් වෘත්තිය සමිති රැසක් එකමුතුව අද (14) කොළඹදී විරෝධතා පවත්වනු ලැබිණ.

නිදහස් අධ්‍යාපනය සදහා වූ සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාව ඇතුළු කොළඹ පැවති විරෝධතා වලදී නිරෝධායන රීති කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප හිමි වීමෙන් අනතුරුව පොලිසිය බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කෙරුණු බව විරෝධතාවේ නිරත පිරිස් චෝදනා කළහ. ඔවුන් ඉල්ලා සිටියේ එසේ බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර ඇති පිරිස වහාම නිදහස් කරන ලෙසයි.

විරෝධතාකරුවන් ඇමතු වෙරුත්තිය සමිති නායකයන් එහිදී අභියෝගකර සිටියේ හැකි නම් තමන්වද අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙසය. ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට මේ වන විට කොරෝනාව යොදාගෙන ඇති බවත් කොරෝනාව ඇතුලේ මර්දනය දියත්කර ඇති බවටත් චෝදනා එල්ල කෙරින.

බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකළ පිරිස නිදහස් නොකළහොත් ඉදිරියට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද එහිදී පැවසිණ.

එමෙන්ම විරෝධතාවට සහභාගී වූ තම සාමාජිකයින් පිරිසක් අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙනයාමට එරෙහිව පසුගිය 12 වනදා සිට මේ දක්වා ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වී සිටිති.

විරෝධතා මදිවට නඩු !

මේ අතර උද්ඝෝෂණ සහ මහජන පෙළපාළි අත්හිටුවා ඇති බවට පොලිස් මාධ්‍ය ඒකකය පසුගිය ජූලි මස 06 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් රටේ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින්, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් අද(14) ශ්‍රේෂ්ඨාධිකණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් ගොනු කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සෞඛ්‍ය ඇමතිවරිය සහ නීතිපතිවරයා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමතිනිය විසින් නිකුත් කර ඇති සියලුම නිවේදන සහ ගැසට් නිවේදන අධිකරණය හමුවට ගෙන්වා ඒ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

තවද අධිකරණය ඇප මත මුදා හැරීමෙන් අනතුරුව පොලීසිය නිරෝධායනයට යොමු කළ පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හා නිරෝධායනයෙන් නිදහස් කරන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා මාලිගාවත්ත සමාධි ආයතනයේ විහාරවාසී තංගල්ලේ සාරද හිමියන් අද අභියාචනාධිකරණයට හබයාස් කොපූස් පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජගිරිය, මිරිහාන සහ තලංගම යන පොලිස්ථානවල ස්නාධිපතිවරුන් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

නුදුරේ එන ව්‍යයසනය : රනිල් පහදයි !

"අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. අවුරුද්ද මැද බැඳුම්කර ණය බේරුවහම එතනින් ඩොලර් කෝටි 100 ක් අඩු වෙනවා. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඩොලර් කෝටි 300 ක විතර ප්‍රමාණයක්. ඊට අමතරව තෙල් සංස්ථාව නොගෙව්ව ඩොලර් බිල්පත් වටිනාකම ඩොලර් කෝටි 130 යි. අද අපේ වාණිජ බැංකුවල ඩොලර් නෑ. අපේ බැංකු ණය වෙලා තියෙන්නේ. ඒ සංඛ්‍යා ලේඛන පිට කරලා නෑ. ඒත් දැන් එන ආරංචි හැටියට ඒක ඩොලර් කෝටි 300 යි" හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අද (14) ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.

"එහෙනම් දැනට අපිට ගෙවන්න තියෙන ණය ඩොලර් කෝටි 430 යි .අපි ළඟ තියෙන්නේ කෝටි 300 යි.ඔය 300 යෙනුත් අපිට තව කෝටි 100 ක් පමණ ප්‍රමාණයක් අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා බොන්ඩ් ණය ගෙවන්න තියෙනවා. ඉතින් මොකක්ද අපිට ඉතිරි වෙන්නේ. අපිට ආනයනය කරන්න මුදල් නෑ. ඒ නිසා සීමා කරනවා. පොහොර ගේන්න මුදල් නෑ. ඒකයි කියන්නේ කාබනික පොහොර ගන්න කියලා. වෙන හේතුවක් නිසා නෙවෙයි. වරායේ තෙල් නැවක් තියෙනවා. ගෙවන්න දැන් ඩොලර් හොයනවා .අපේ එන්නත් විදින එක අවුරුදු 30 ට වැඩි අයට සීමා කරලා තියෙන්නේ හැම එක්කෙනාටම එන්නත ගේන්න මුදල් නැති නිසා. මෙන්න මේ තත්ත්වයක අපි ඉන්නේ අපි කිව්වට කොහෙන්වත් මුදල් ලැබුණේ නෑ.කොටි කාලීන සොෆ්ට් ණය ලැබුණ එක අපිට අයේ ගෙවන්න තියෙනවා.ඒත් ළඟදී ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය තීරණය කලා ඩොලර් කෝටි 6500ක් තමන්ගේ සාමාජිකයන් 190 අතරේ බෙදන්න. ඒ නිසා අපිටත් ඩොලර් කෝටි 80 ක් පිනට ලැබෙනවා. ඒ මුදලුත් මදි. මේ අවුරුද්දට .තවත් මුදල් ඕනේ .ඉතින් වෙනත් අංශ නැත්තම් මම යෝජනා කරන්නේ දැන් විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වෙලා ඊළඟ අවුරුදු දෙක තුනට උවමනා ඒ මුදල් ප්‍රමාණය ලබා ගන්න. ජාත්‍යන්තර අරමුදලේ විශේෂයෙන්ම සහතිකය ලැබුණහම ඉන්දියාව, චීනය, ජපානය වාගේ රටවල් වලිනුත් අපිට මුදල් ලබා ගන්න පුළුවන්.නැත්තම් සිදු වෙන්නේ එන අවුරුද්ද මැද වෙනකොට අපේ විරැකියාව වැඩි වෙනවා. අපේ බඩගින්න වැඩි වෙනවා."

මරණ 3600 පනී : සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකත් නිරෝධායනයේ !

තවත් කොරෝනා ආසාදිත මරණ 37ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති අතර ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3611 දක්වා ඉහල යයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනය සඳහා යොමුවී තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔහු සේවය කරන කාර්යාලයේ සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුවය.

නීතිපතියේ 7ක් ජනාධිපති නීතිඥයන් කරලා !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇත.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර මෙසේ ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර සිටිති.

නවලෝක රෝහලේ PCR පිළිගන්න බෑ - චීනය කියයි

නවලෝක රෝහල හරහා සිදුකරන ලද PCR සහ IgM anti-body පරීක්ෂණ වල ප්‍රතිඵල සාවද්‍ය බව ප්‍රකාශ කර අදාළ රෝහලෙන් සේවා ලබා ගැනීම නවතා දැමීමට චීන තානාපති කාර්යාලය තීරණය කර ඇත.

චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ අදාළ රෝහල මගින් සිදුකළ PCR සහ IgM anti-body පරීක්ෂණයන් මගින් කොරෝනා අසාදිත නොවන බව තහවුරු කර තිබූ ගුවන් මගීන් කිහිපදෙනෙකුම චීනයට යාමෙන් පසු එරටදී සිදු කළ කොවිඩ් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් බව හෙළි වී ඇති බවයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් චීනය බලා යන සියලුම මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා කොරෝනා ආශ්‍රිත PCR සහ IgM anti-body පරීක්ෂණ සිදු කිරීම සඳහා අනුමත කර තිබු පුද්ගලික රෝහල් ලැයිස්තුවෙන් නව ලෝක රෝහල ඉවත් කරනු ලැබ තිබේ.

lankatruth

අයුර්වේද පනත සංශෝධනයට අවධානය

ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සිසිර ජයකොඩි  අතර විශේෂ සාකච්ඡාවක් අද (14) දින පෙරවරුවේදී අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එහිදී ආයර්වේද පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූල වූ නීති සංග්‍රහය බලාත්මක කර ගැනීම සඳහා වූ මූලික කථිකාවතක් පැවැත්වූ අතර එය බලාත්මක කිරීම අධියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරයි.

එහි පළමු අධියර ලෙස ඖෂධ හා ඖෂධ නිෂ්පාදනය නියාමනය සදහා වන රෙගුලාසි පැනවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්අධිකරණ අමාත්‍යතුමා සඳහන් කලේ අදාල පනත බලාත්මක කිරීමේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් හා නිර්දේශයන් ලබාගෙන ඊට අනුකූලව මෙම සංශෝධන ක්‍රියාවලිය සිදු කිරීම වඩා ප්‍රායෝගික බවයි.

මෙම අවස්ථාවට ගරු සිසිර ජයකොඩිගේ පෞද්ගලික ලේකම් ගයා කාංචන, අධිකරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් නීතිඥ නලින් සමරකොන්, වෛද්‍ය එස්.කේ.පී .තරංග, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරී සංජීවනි කබ්රාල් යන අය සහභාගී විය.

ආණ්ඩුවෙන් නම් යන්නේ නෑ : අමරෙගේ ටොක්ක දයාසිරිටද ?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිසේත්ම සූදානමක නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එවන්නක් කලහොත් එය විපක්‍ෂයට වාසියක් වන නිසා ඒ සදහා කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද ඔහු පවසා ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

‘රෑට නාලිකාවෙ දාගන්න කතා කරන කට්ටිය ඉන්නවානෙ ඉතිං. ඒකට අපි කලබල වෙන්නෙ නෑ. අපි මේ කිසිසේත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ හෙට එළියට බැහැලා විපක්ෂ නායකවරයා ශක්තිමත් කරගෙන පාර්ලිමේන්තුවේ එයාගෙ යටතේ ඉන්න අපේ වුවමනාවක් නැහැ. විපක්ෂයට වාසිවෙන කිසිම තීන්දුවක් අපි ගන්නෙ නැහැ. ඒක ඉතාමත් පැහැදිලියි’

කෙසේ වුවත් මෙහිදී රෑට නාලිකාවේ දාගන්න කතාකරන කට්ටිය ලෙස අමාත්‍යවරයා කියන්නේ කවුදැයි සඳහන් නැත.

පසුගිය දින වල නම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඇතුළු ශ්‍රීලනිප කිහිපදෙනෙකුම ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වනු දකින්නට ලැබිණ.

සමගියේ බාල්දියක් : එජාපයට තුලාව නැතිවෙලා !

ස්වාධීන රුපවාහිනි සේවය ඔස්සේ විකාශය වන “තුලාව” දෙශපාලන සංවාද වැඩසටහන සදහා එක්සත් ජාතික පක්ෂයේ සහාභගිත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් විෂය භාර ආමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත පැමිණිලි කිරීමට එම පක්ෂය කටයුතු කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් අදාළ ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.

අදාළ ලිපියේ සඳහන් ආකාරයට නම් එජාප නියෝජිතයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වියයුතු බවට කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂය විසිනි.

එජාපය විසින් ජමාධ්‍ය ආමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

WhatsApp Image 2021 07 14 at 13.46.08

Page 450 of 462