පුවත්

වැලිකඩ සහ මහර මරණ දඬුවම ලැබූ සිරකරුවන් : ආහාර වර්ජනයක !
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල මරණ දඬුවම හිමිවූ රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කිරීම ඔවුන්ගේ ඉල්ලීම වී ඇති බවත් වාර්තා වෙයි.
විරෝධතාවයේ නිරත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග සිටි බවත් වාර්තා වෙයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධව මරණ දඬුවම ලබා සිටි දුමින්ද සිල්වා ඊයේ (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබිණ.

සිරගෙවල් - නීතිය - විනිසුරුවරුන් කුමකටද? : හිරුණිකා ජනාධිපතිට ලියයි !


දුමින්දගේ නිදහස : එජාපයත් ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි !
මිනීමැරුමකට වැරදිකරු වී 2016 දී මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර නිවේදනයක් නිකුත්කර ඇත.
ජුනි 24 නිකුත් කරන ලද ජනාධිපති සමාව ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළත් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව එහි සඳහන්ය එසේම ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාද? යනුවෙන් විමසා ඇති අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
මෙම විශේෂිත නඩුව විශාල මහජන උනන්දුවක් ඇති වූ අතර, එම සමාව ලබා දීමට ඔහු තෝරාගත්තේ මන්දැයි ජනාධිපතිවරයා රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතුය.
ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කිරීම තුළින් අධිකරණය අවභාවිතා නොකරන ලෙස එක්සත් ජතික පක්ෂය තවදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එවැනි සමාව නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබේ, මෙම ක්‍රියා පටිපාටිය මෙම තත්වය තුළ අනුගමනය කළේද?
රට තුළ අධිකරණයේ අඛණ්ඩ ස්වාධීනත්වය සඳහා වූ කැප වන බව එක්සත් ජාතික පක්ෂය යළිත් වරක් ප්‍රකාශ කරයි.

දුමින්දගේ නිදහසේ විස්තරය දෙන්න : නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි !
මිනීමැරුමකට සම්බන්ධ වැරදිකරුවකු වන දුමින්ද සිල්වාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේද යන්න ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
ඊට අනූව මිනීමැරුම් වැරදිකරුවෙකුට සමාව දෙන විට ඒ සඳහා නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ කැඳවිය යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, කරුණු සහ ඔහුට විශේෂයෙන් සමාව ලැබීමට තරම් කැපී පෙනෙන හේතූන් කවරේද යන්න මහජනතාව දැනගත යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ලිපියෙන් ජනපතිවරයා වෙත අවධාරණය කර තිබේ.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.

දුමින්ද නිදහස් කරාට ඇමරිකාවේ විරෝධය !
ඇමරිකා එක්සත් ජනපදයද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නිදහසට විරෝධය පල කර ඇත.
ඒ බව කොළඹ සිටින එක්සත් ජනපද තානාපතිනි අලානා ටෙප්ලිට්ස් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි.
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සිරකරුවන් කලින් නිදහස් කර යැවීම ගැන අපගේ ප්‍රසාදය හිමිවන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 දී අනුමත කරන ලද දඬුවමකට යටත් කොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර යැවීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙලයි,” යනුවෙන් එහි සඳහන් කර ඇත.

ශිරාල්ගේ රනිල් විරෝධය ඉවරයි : අපරාදේ අවුරුදු 10ක් !

දෙහිවල තෝර් ගේ ෂීනාටත් කොරෝනා....
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් – 19 ආසාදනයවූ “තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද ‘‘ෂීනා‘‘ කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මේ තත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
සිංහ ධේනුවට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන්නේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදීය.
සිංහ ධේනුවට කොවිඩ් ආසාදනයවී ඇතත් සත්වයාගේ තත්ත්වය අයහපත් නැතැයිද සාමාන්‍ය පරිදි ආහාර අනුභව කරමින් කාලය ගත කරන්නේ යැයිද දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධානීහු පවසති.
දෙහිවල සත්වෝද්‍යානය මේ වනවිට වසා දමා තිබෙන අතර ඊට පිටතින් කිසිවකුත් ඇතුලුවීමද තහනම් කර ඇත.

යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත : භාරතගේ බිරිඳ තැබූ ෆේස්බුක් සටහන !

දුමින්ද නිදහස් !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලැබීමෙන් පසු අද (24) නිදහස් වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට ඔහුව නිදහස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පුර්ණ කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය දුමින්ද සිල්වා ඇතුළු කිහිප දෙනෙකු වැරදිකරුවන් වීමෙන් පසු 2016 සැප්තැම්බර් මාසයේදී මරණ දඬුවම් නියමකර සිරගත කරන ලදී.
ඒ සම්බන්ධව අභියාචන සිදුකළත් එහිදි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැරදිකරු ලෙස තීන්දු විය.
ඝාතනය වන අවස්ථාව වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති කටයුතු සම්බන්ධව අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටි අතර දුමින්ද සිල්වා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ලෙසය.

අද රාත්‍රීයේ සිට 25 අලුයම දක්වා යළිත් සංචරණ සීමා
අද (23) රාත්‍රී 10.00 සිට යළිත් රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එලෙස පනවන සංචරණ සීමා එළඹෙන 25 වනදා එනම් සිකුරාදා අලුයම 4.00 දක්වා බලපැවැත්වෙන වේ.
අද (23) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,358 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 245,271 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දීර්ඝ කලක් රක්ෂිත බන්ධනාගාරවල සිටින තරුණ ජීවිතවලට ඇමති නාමල් සාධාරණයක් ඉල්ලයි
තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.
නඩු නිමිත්තක්වත් නොමැතිව රක්ෂිත බන්ධනාගාරවල ඉතා දීර්ඝ කාලයක් ගත කරන පිරිස් සිටින බව කියාසිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ, නඩු තීන්දුවේ දඬුවමට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කළ පුද්ගලයන් සිටින බව අනාවරණය කළේය.
මේ පිරිස අතර විශාල සංඛ්‍යාවක් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ද සිටින බව සඳහන් කළ අමාත්‍යතුමා, මේ අයට යම් සාධාරණයක් ඉටු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍ය නාමල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් ගෙන ආ මෙම යෝජනාවට ආශිර්වාද කරමින් සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ අතර අකිල ඉලංකෙයි තමිල් ක්‍රොංගසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ඊට වෙනස් මතයක් දරමින් කරුණු ඉදිරිපත් කළේය.
තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ගෙන ආ මෙම යෝජනාව දේශපාලන කෝණයෙන් බැලීමෙන් වළකින්නැයි ඉල්ලා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ, පොන්නම්බලම් මන්ත්‍රිවරයා ඇතුළු එම සන්ධානයේ මන්ත්‍රීවරුන් සහය දුන් පසුගිය ආණ්ඩු කාලයේදීවත් මෙවැනි සාධාරණයක් ඉටු කර ගැනීමට නොහැකිවුණ නිසා මේ සඳහා දැන් ලැබෙන විසඳුමකින් ඔවුන්ගේ දේශපාලනය අභියෝගයකට ලක්වනු ඇති බවට ඉඟි පළ කළේය.
තම පියාටත් උගන්වාගන්න බැරිවුණ පාඩමක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් අද විපක්ෂය එදා ඔවුන්ගේ ආණ්ඩු කාලය තුළ තමන්ට ඉගැන්වූ බව සිහිපත් කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ, ආණ්ඩුව කිසිවිටෙකත් ජනතා අසාධාරණයක් හමුවේ නිහඬව නොසිටින බවට විශ්වාසය පළ කළේය.
අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.
ගරු කථානායකතුමනි,
තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විධියට රටේ තරුණ කොට්ඨාශයකට බලපාන සුවිශේෂී කාරණා කිහිපයක් පිළිබදව ඔබතුමාගේ ගරු අවධානයටත්, අධිකරණ ඇමතිතුමාගේ අවධානයටත් යොමු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ.
විශේෂයෙන්ම ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ සහ බන්ධනාගාර තුළ විශාල තරුණ පිරිසක් ඉන්නවා යම් යම් ප්‍රමාදවීම් නිසා ඇප ලබා ගැනීමට නොහැකි වූ සහ තමන්ගේ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ අය.
ඒ අතර අපි දන්නවා ගරු කථානායකතුමනි, වසර ගණනාවක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සැක පිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඉන්නවා.
ගරු කථානායකතුමනි,
පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී අපිවත් රක්ෂිත බන්ධනාගාරගත කළා යම් කාල සීමාවක්.
මම විතරක් නොවෙයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමා, උදය ගම්මන්පිල අමාත්‍යතුමා, විමල් වීරවංශ අමාත්‍යාතුමා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමා ඇතුලු විශාල පිරිසක්.
ඒ වෙලාවේ අපි බන්ධනාගාරය තුළ තිබෙන තත්ත්වය දැක්කා. ඔබතුමාලාට පිං සිද්ධ වෙන්න.
මම හැමදාම කියනවා අපේ තාත්තාටත් එතුමාට මට උගන්නන්න බැරි වෙච්ච පාඩමක් මෙතුමලා මට ඉගැන්නුවා.
ඒ තමයි මේ රටේ රක්ෂිත බන්ධනාගාරගතවන ජනතාව විඳින දුක ප්‍රායෝගික අත්දැකීමක් ඔබතුමාලා මට ලබා දුන්නා. ඉතිං මේ රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නවා ගරු කථානායකතුමනි, නඩු නිමිත්තක්වත් නැති අය.
ඒ අතර විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ සැක පිට විශාල ප්‍රමාණයක් ඉන්නවා. දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව නඩු විභාගවලින් අනතුරුව දඩුවම් විඳින සංඛ්‍යාව 35 යි.
හැබැයි මේ 35 දෙනාගෙන් බහුතරයක් තමන්ට ලැබිලා තිබෙන දඬුවමට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉදලා තිබෙනවා.
ඒ කියන්නේ තමන්ට ලැබිලා තිබෙන නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාල සීමාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා තිබෙනවා.
ඒ එක්කම දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටිමින් දැනට මහාධිකරණවල චෝදනා ගොනු කර තිබෙන නඩු 38 ක් තිබෙනවා.
ඒ කියන්නේ අවුරුදු 20 කට වැඩි කාලයක් මේ නඩු අහනවා. හැබැයි ඒ අය තවමත් රක්ෂිත බන්ධනාගාරගත කොට තමයි මේ නඩු අහන්නේ. ගරු කථානායකතුමනි,
ඒ වගේම කිසිම නඩුවක් නොදාපු 13 දෙනෙකුත් ඉන්නවා. ඒ අතර පැමිණිලි කටයුතු, විභාග කටයුතු අවසන් කරලා අධි චෝදනා දාන්නෙ නැතිව 116 දෙනෙක් ඉන්නවා.
ඉතිං මේ අනුව බලනකොට ගරු කථානායකතුමනි, විශාල තරුණ පිරිසකගේ ජීවිත වල නොයෙක් වැරදි ඉතිහාසයක් තිබෙනවා වෙන්න පුළුවන්, සමහරු නොදැනුවත් කමින් වෙන්න පුලුවන්, සමහරු දැනුවත්ව වෙන්න පුලුවන්. හැබැයි වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නවා.
එක්කෝ මේ අයට සාධාරණව නඩු අහන්න ඕනේ. නඩු අහලා දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අධි චෝදනා දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ 12,000 කට වැඩි පිරිසක් පුනුරුත්ථාපනය කරලා සමාජගත කළා.
ඒ අතර ගරු කථානායකතුමනි, 3500 කට අපි සිවිල් ආරක්ෂක බලකායේ රජයේ රැකියා දුන්නා. හැබැයි ඒ ඒ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ අවසාන කාලයේ සටන් බිමේ හිටපු අය.
හැබැයි මේ තියෙන බොහෝ පිරිස් අපිට බන්ධනාගාරයේ දී හමු වුනාම ඒ අයත් එක්ක කතා කරනකොට සමහරුන් රක්ෂිත බන්ධනාගාරගත වෙච්ච කාල සීමාව මගේ වයසටත් වැඩී. මේක තමා ඇත්ත කතාව.
හැබැයි අද වෙනකල් චෝදනා ගොනු කර ගන්න අපොහොසත් වෙලා තිබෙනවා. ඒ හින්දා ගරු කථානායකතුමනි, මම කාරුණිකව ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ අයට යම් සාධාරණයක් වෙන්න ඕනේ.
එක්කෝ මේ අයගේ නඩු අහලා අවසන් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ අය පුනුරුත්ථාපනය කරන්න ඕනේ. 12,000 ක් පුනුරුත්ථාපනය කරන්න පුළුවන් වුණා.
මම ඔබතුමාගේ අවධානයට එක කතාවක් කියන්නම්. බන්ධනාගාරයේදී හමුවුණ එක්තරා පුද්ගලයෙක්ගේ සිදුවීමක්.
ලංකාවේ ප්‍රභූ ඝාතනයකට සැක පිට ගෙනැල්ලා ඔහු වැරදිකාරයා වෙලා තිබෙනවා. ඔහුගේ කතාව අහනකොට ගරු කථානායකතුමනි, ඔහු කරපු වැරැද්ද තමයි ගහක අත්තක් කපපු එක. ගහේ අත්ත කපපු එක.
දැන් ගහේ අත්ත කපපු කෙනා වැරදිකාරයා වෙලා හිරේ ඉන්නවා. ප්‍රධාන සැකකාරයා සමාව අරගෙන ගෙදර ගිහිල්ලා තිබෙනවා. එතකොට ගහේ අත්ත කපපු කෙනා ඇතුලේ. වැඩේ කරපු කෙනා එළියෙ.
මේ නිසා මම ගෞරවයෙන් ඉල්ලන්නේ, ගරු අධිකරණ අමාත්‍යතුමා ඉන්නවා 12,500 ක් පුනුරුත්ථාපනය කරලා 3500ක් අපිට සිවිල් ආරක්ෂක බලකායට ගන්න පුලුවන් නම් මේ ඉන්න අයගේ නඩු ගොනු දිහා ගරු අමාත්‍යතුමනි, සානුකම්පිතව බලන්න.
අපි දන්නවා ඒ දාලා තියෙන චෝදනාවලට අනුකූලව අධිකරණයට ඇප දෙන්න බැහැ. එහෙමනම් නීතිපතිවරයාට යන්න ඕනේ. නීතිපතිවරයා මාර්ගයෙන් හරි , වෙනත් මාර්ගයකින් හරි, පුනුරුත්ථාපනය කරන ක්‍රමවේදයකට හරි ගරු අමාත්‍යතුමනි, මේ අයට සාධාරණයක් කරලා දෙන්න කියන කාරුණික ඉල්ලීම මම කරනවා.
අපේ ආණ්ඩුව කිසි දවසක ජනතාවට අසාධාරණයක් වෙන තැනක නිහඬව ඉන්නේ නෑ කියන එකත් මතක් කරන්න ඕනේ යැයි අමාත්‍යතුමා පැවසීය.

රනිල් ඉල්ලපු විවාදයට : සජබ මන්ත්‍රීලාත් ඔලුව වනයි !
තවදුරටත් පාර්ලිමේන්තුව ඇමතු හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන්නේය.
මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද ඔහු එහිදී අවදාරණය කර සිටියේය.
"මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ.
ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න.
ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ.
ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න." "ආයෝජන මණ්ඩල හමුවට මුදල් ඇමති හරි රාජ්‍ය මුදල් අමාත්‍ය හරි යන්න තිබුණා. ඒකට හමුදාපති ගිහින් කතා කරලා, හිටපු අයත් නැගිටලා ගිහින්."
රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමඟ ගනුදෙනු කිරීම බවත් ඔහු පැවසීය.
ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

බැසිල් ඇවිත් !
සිය නිවස බලා පිටත්ව ගොස්සිටි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (23) මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහු ඒ සඳහා ඊයේ ඇමරිකාවෙන් පිටත්ව ඇති බවත් දැනගන්නට ඇත.

ඉන්ධන මිළ අඩු නොකරන්නේ නම් වැඩකරන ජනතාව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් - ලාල්කාන්ත
කොවිඩ් වසංගතය මරදනය කිරීමට අසමත් වීම ඇතුළුව අණ්ඩුව අනුගමනය කරන වැරදි ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ගත් හේතුවෙන් වැඩකරන ජනතාව ඉමහත් පීඩාවට පත්ව ඇති බවත් එවැනි තත්වයක් තුළ ඉන්ධන මිල ඉහළ දැමීම රාජ්‍ය පෞද්ගලික, වතු ඇතුළු ක්‍ෂේත්‍රවල වැඩකරන ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත අගමැති, මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
මෙවැනි විටෙක වැඩකරන ජනතාවට සහන සැපයීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් ඔවුන්ට ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එබැවින් එවැනි වටපිටාවක් නිර්මාණය වීමට කලින් සියලු ජනතාවට බලපාන ඉන්ධන මිල පහළ හෙලීමට කටයුතු කරන ලෙසත් මෙම ලිපිය මගින් ඔහු දැනුම්දී ඇත.
එම ලිපිය වැඩිදුරටත් මෙසේය.
කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා ඔබගේ ආණ්ඩුව මේ දක්වාම අසමත් වීමත් ඒ වෙනුවෙන් අනුගමනය කරන ලද අදූරදර්ෂී ක්‍රියාමාර්ගත් මෙන්ම ඔබ අණ්ඩුව අනුගමනය කරන වැරදි ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ගත් හේතුවෙන් මේ වන විට රටතුල අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ඇතුළුව සියල්ලෙහිම මිළ සීඝ්‍ර ලෙස ඉහල දැමීමක් සිදුකර ඇත. පසුගිය කාල වකවානුව පුරාම අඛණ්ඩව සිදුවන මේ ක්‍රියාවලිය නිසා ජනතාව තුල ගොඩනැගී වර්ධනය වන්නේ බලවත් ආර්ථික පීඩනයක් හා අසහනයකි. මෙම තත්වයේ දී භාණ්ඩ හා සේවා සපයන්නන් විසින් ද තම තමන්ගේ හැකියාවන්ට අනුව මිළ ඉහල දමමින් සිටී. එසේ තම කාර්යයට අනුව, ලබා දෙන සේවාවට අනුව, වටිනාකම් ඉහල දමා ගත නොහැකි පිරිස වන රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රයන්හි වැඩකරන ජනතාව වට ගණනාවකින් පීඩාවට පවත්වන කොට්ඨාශයන් බවට පත්ව ඇත.
ඔබ ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඉන්ධන මිළ වැඩි කරන්නේ මෙවැනි පීඩාකාරී තත්වයකට වැඩ කරන ජනතාව මුහුණ දී සිටින අවස්ථාවකදීය. එය ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණයේ අනිටු ප්‍රතිඵල ජනතාව මත පැටවීමකි. එමගින් තව තවත් වට ගණනාවකින් ඉහල යන ජීවන වියදම හමුවේ තම ජීවිතය ගැටගසා ගැනීමේ අර්බුදයට මුහුණ දීමට නොහැකිව කබලෙන් ලිපට වැටීමේ තත්වයකට වැඩකරන ජනතාව පත්ව ඇත.
මෙම අතිශය පීඩාකාරී තත්වය යම් පමණකින් හෝ සමනය කර ගැනීමට නම් ආණ්ඩුව ජනතාව මත අලුතින් බර පැටවූ ඉන්ධන මිළ වැඩි කිරිම වහාම ඉවත් කරගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් තව දුරටත් මෙම දැවැන්ත ජීවන බර දරා සිටීමට වැඩකරන ජනතාවට නොහැකිවා මෙන්ම ඒ සඳහා අප එකඟවන්නේ ද නැත. වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කළ යුතුය යන්න අපගේ පිළිගැනීමයි. එය වැඩකරන ජනතාවගේ අයිතියක් ලෙස ද අපි සලකන්නෙමු.
එබැවින් පළමු ක්‍රියාමාර්ගය ලෙස ආණ්ඩුව වැඩිකළ ඉන්ධන මිළ අඩු කළ යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් වහාම වැඩි වන ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීමකට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නොඑසේනම්, එය දිනා ගැනීම වෙනුවෙන් අරගල මාවත තෝරා ගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි පසුබට නොවෙමු. අනෙකුත් වෘත්තීය සමිති සමගින් වැඩකරන පන්තිය ඒකරාශි කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට අපට සිදුවන බවද අවධාරනය කරන අතර, එමගින් ජනතාවගේ දෛනික කටයුතු වලට සිදුවන බාධාවන්හි පූර්ණ වගකීම ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුව විසින් භාරගත යුතු බව අපි අවධාරණය කරමු. එම නිසා එවැනි තත්වයකට රට පත්නොකර වැඩිකළ ඉන්ධන මිළ අඩු කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුවට බලකරන අප එය ඉටුනොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමර්ග වලට අවතීර්ණ වන බවද අවධාරණය කරමු.
ස්තුතියි,
මීට විශ්වාසී
කේ.ඩී. ලාල්කාන්ත

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර ඇත.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට හුදකලා කර තිබේ.
මේ අතර, මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් "ඩෙල්ටා ප්‍රභේදය" ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන්= එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව සමගි කරන සමගියේ යෝජනාව කතානායකට බාරදෙයි !
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සමගි ජන බලවේගය පක්ෂය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත අද (22) භාරදී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් අතර ඊට සජබ මන්ත්‍රීවරුන් 43ක් අත්සන් තබා ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 10 කින් යුතුය.
වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඉල්ලා අස්වෙන්න කියමින් ගම්මන්පිල අමාත්‍යවරයා ට නැගූ චෝදනාවම මේ විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන කරුණ කරගෙන තිබීමය.
දේශපාලන විචාරකයන් මේ විශ්වාසභංග යෝජනාව විවේචනය කරන්නේ එකිනෙකා කුලල්කා ගන්නා ආණ්ඩුවේ සමගිය ඇතිකිරීමට සමගි ජනබලවේගය ලබාදුන් අවස්ථාවක් බව පවසමින් ය.

ස්වයංපෝෂිත කතා පැත්තක : සහල් ආනයනයට කැබිනට් අනුමැතිය !
පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනය.ආනයන සීමා කිරීමට කියමින් ආණ්ඩුව කහ පවා ආනයනය නැවැත්වූ අතර එහිදී සඳහන් කර සිටියේ රට ස්වයංපෝෂිත කරන බවයි.
මේ වන විට කෘෂිකර්මය කාබනික පොහොර වෙත යොමුකරන බව පවසමින් රසායනික පොහොර ආනයනය ද නවතා ඇත. ඊට හේතු ලෙස කියනු ලැබුවේ වකුගඩු රෝග ඇතුළු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීම වලක්වන්නට කියාය.
දැන් ප්‍රශ්නය මේ ආනයනය කිරීමට යන සහල් කාබනික පොහොර භාවිතය හරහා සිදුකළ ගොවිතැන් මඟින් ලබාගත් ඒවාද යන්නය.
අනෙක් අතට මතුව ඇති පොහොර අර්බුදය නිසා මෙවර අනිවාර්යයෙන් අස්වනු අඩු වනු ඇති අතර එවිටත් සහල් ආනයනය කිරීමට සිදුවෙයි. ඒ ආනයනය කරන සහල් ද සකසා ඇත්තේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ද නැද්ද යන ගැටළුව මතුවෙයි.
ඒ අනුව මේ ආණ්ඩුවේ සිස්ටම් හැදීම කොහොමද කියනවා නම්, ආහාර ස්වයංපෝෂිත බවත් , කාබනික ගොවිතැන ආශ්‍රිත ආහාර යන්න වෙනුවට එහි ප්‍රතිවිරෝධය ජනතාව වෙත පැමිණෙමින් තිබේ.

අගමැති - මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන් හමුවේ
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසදීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (21) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එම අපනයන කරුවන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (21)පැවති සාකච්ඡාවකදීය.
අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශයද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් දැනටමත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ අලවිය මත පදනම්වූ ආදායම් බදු මෙරටදී විදේශ මුදල් භාවිතා කෙරෙන අවස්ථාවලදී නිදහස් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවත් මහින්ද රාජපක්ෂ පැවසීය.
මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ලෝ පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අගමැතිවරයාගේ අවධානය යොමු විය.
මහින්ද රාජපක්ෂ = ජනාධිපතිවරයා වශයෙන් සිටියදී 2015 වර්ෂයේ දී තමන්ට ලබා දුන් සහන පසුගිය රජය අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන එම සහන යළි ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ පිරිසක් මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ .
අයවැය මගින් අපනයනකරුවන් සඳහා දැනටමත් සහන ලබාදී දී ඇති බවට මෙහිදී පෙන්වා දුන් අගමැතිවරයා එම හන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය .
Page 449 of 453