පුවත්

අත්අඩංගුවට ගත් අසේල සම්පත් ඇප මත මුදා හරී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් ඇප මත මුදා හැර තිබේ.
සැකකරු අද (26) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණ.
අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබුණේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ අද (26) උදෑසන පැවුසවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වා යම් බාල කිරීමක් කර ජනතාවට එන්නත්කරණය සිදු කරන බවට එමගින් ඔහු පවසා ඇතැයි, අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව පිළියන්දල, පැලැන්වත්තේදී අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

බැසිල්ට ආර්ථික සංවර්ධන නමින් අලුත් අමාත්‍යාංශයක් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තීරණය කර ඇති බවට ආණ්ඩු හිතවාදි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරයි.
ඊට අනූව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ ජූලි 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් එම පුවත් වල සඳහන් වෙයි.
බැසිල් රාජපක්ෂට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවට ද වාර්තා පළ වන අතර ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක්ද පිහිටු වීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.
අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටත් සඳහන් ය.

සඳුදා සිට 60 වැඩි අයට ළඟම ප්‍රධාන රෝහලෙන් කොරෝනා එන්නත් - GMOA
එලඹෙන සඳුදා දිනයේ සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව තම ලඟම ප්‍රධාන රොහලෙන් එන්නත් ලබාගත හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා ලබන සඳුදා දිනයේ සිට. සියලුම 60ට වැඩි පුරවැසියන්ට. මේක දිනපතාම කෙරෙන වැඩපිළිවෙලක්. මේ සඳහා අවශ්‍ය වන්නේ තමාගේ හැඳුනුම්පත පමණයි. අපි ලබාදීලා තියෙනවා ඉල්ලුම් පත්‍රයක්. ඒක නිවසේදී පුරවාගෙන ආවොත් එන්නත ඉතාමත් ඉක්මණින් ලබාගන්න පුළුවන්.”
Lanka truth

යුරෝපා සංගමයේ රටවල් වෙත යැවෙන තැපැල් සේවාව ගැන නිවේදනයක්
යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධව යුරෝපා සංගමය ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිපත්ති ජුලි 01 වනදා සිට සංශෝධනය කර තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි.
ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා මෙම බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවේ.
යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇති පරිදි තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මගින් අලෙවි කටයුතුවල නිරතවන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සඳහා මෙම බදු ප්‍රතිපත්තීන් අදාළ වේ.
ඒ අනුව යූරෝ 150 ට අඩු වටිනාකමකින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත සෘජුවම මෙම වැට් බදු ගෙවිය යුතු බව තැපැල්පතිවරයා අදාළ නිවේදනය මගින් පෙන්වාදී ඇත.
එමෙන්ම යූරෝ 150 ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අදාළ රජය විසින් තීරණය කරනු ලබන අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී එම රටවල රේගුව විසින් භාණ්ඩය ලබාගන්නාගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවද තැපැල්පතිවරයා සඳහන් කරයි.
කෙසේවෙතත් වැට් බදු මුදල් සහ මෙහෙයුම් ගාස්තු ගෙවා භාණ්ඩය භාර ගැනීමට ක්‍රියා නොකළහොත් අදාළ රටේ තැපැල් පරිපාලනය හෝ රේගුව මෙම භාණ්ඩ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ පාරිභෝගිකයින්ට වගකීමක් දැරීමට සිදුවන අතර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙම බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිදු අයුරකින් වගකීමක් නොදරන බවද තැපැල්පතිවරයා මෙරට ජනතාවට දැනුම් දෙයි.
මේ පිළිබද වැඩිදුරටත් විස්තර දැනගැනීම සදහා නිවේදනය පහත සදහන් වේ.

ජනාධිපතිගේ කතාවේ රාජතාන්ත්‍රික අවුලක් !
ජනාධිපතිවරයාගේ කතාවේ වාක්‍යක රාජ්‍යතාන්ත්‍රික භාවයේ ප්‍රශ්නයක් ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ඒ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී වසංගතයේ ආරම්භය චීනය බවත් එය ලොව පුරා පැතිරුණේ චීනයෙන් බවත් හැඟීයන ආකාරයට ප්‍රකාශ කර සිටිමය.
ජනාධිපති සිදුකළ කතාවේ මෙසේ සඳහන් වෙයි.
"මා ජනාධිපතිවරයා වශයෙන් පත් වී මාසයක් ගතවන්නටත් පෙර කොවිඩ් 19 වසංගතය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තා."
මේ බව පෙන්වා දෙමින් විචාරකයන් පවසන්නේ කොරෝනා වෛරසය , වසංගතයක් ලෙස පැතිර යාමෙන් පසු චීනය විසින් ඔවුන් එය පාලනය කිරීමට කටයුතු කරන අතරම රාජ්‍යතාන්ත්‍රිකව එය ආරම්භ වූයේ චීනයෙන් නොවන බවට ලෝකය දැනුවත් කිරීමට විශාල පරිශ්‍රමයක් දැරූ බවය.
මෙම නිශ්චිත මොහොතේ පවා චීනයේ නිල ස්ථාවරය වන්නේ වෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයෙන් නොවන බව යයිද දේශපාලන විචාරක මතය වී තිබේ.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙය චීන වෛරසය ලෙස නවීකරණය කළ ද එය චීනයෙන් ආරම්භ වූවා යන කතාව නොකිරීමට පරිස්සම් වූ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඇමරිකාවේ නව පරිපාලනය විසිනුත් විධිමත් පරීක්ෂණ කීපයක්ම පැවැත්වීමට කටයුතු කළත් තාමත් චීනය මෙහි ආරම්භය ලෙස නිල වශයෙන් පිළිගෙන නැත.
මෙම තත්ත්වය ලෝක දේශපාලනයේ තිබියදී ජනාධිපති විසින් මෙසේ පැවසීම සම්බන්ධව චීන ප්‍රතිචාරය කෙසේ වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව විචාරක අදහසයි.
මේ මත දැක්වීම චීනය කෙතරම් ඉවසයි ද යන්න අපට දැනගැනීමට හැකිවන්නේ ඉදිරියේදී ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන ආකාරය අනුව බවත් දේශපාලන විචාරකයන් පවසයි.
රටේ රාජ්‍ය නායකයාගේ කතාවක් සැකසීම සහ ඊට සහභාගී වන උපදේශකයන් කතාවේ වචන, පෙළගැස්ම සහ අන්තර්ගතය ගැන කොතරම් සැලකිලිමත් වූවාද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවන බවත් ඔවුන් මතුකර දක්වයි.

දුමින්දගේ නිදහසට ප්‍රශ්න පිට ප්‍රශ්න : මෙවර සමගි නීතිඥ එකමුතුව !
මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විශේෂ ජනාධිපති සමාව ලබා දීමට අදාල වාර්තා සහ නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙස සමගි තරුණ බලවේගයේ සමගි නීතිඥ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.
සමගි තරුණ බලවේගයේ සමගි නීතිඥ එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධ ක්‍රමවේදය මහජනතාවට වගකියන අන්දමින් සංශෝධනය කරන ලෙසත් යෝජනා කර ඇත.
එම නීතිඥ එකමුතුව නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.
"මරණ දණ්ඩණයට නියමවී සිටි හිටපු පා.ම දුමින්ද සිල්වාට ඊයේ (24) දින ජනාධිපතිවරයාට නීතියෙන් හිමිව ඇති බලය දැඩි ලෙස අවභාවිතා කරමින්, රටේ නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්ති මුලධර්මයන් පිලිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීම තරුණ ප්‍රජාව ලෙස අප දැඩි ලෙස හෙලා දකිනෙමු.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වන වගන්තිය යටතේ පුර්ණ හෝ කොන්දේසිවලට යටත්ව සමාවක් ප්‍රධානය කිරීමට ජනාධිපතිවරයා හට බලයක් හා අභිමතයක් තිබුණද එය අවභාවිතා කිරීමට කිසිඳු ජනාධිපතිවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැත.
ජනාධිපති සමාව ලබාදීම සඳහා දහස් ගණන් මරණ දණ්ඩණයට නියමවුවන් අතරින් දුමින්ද සිල්වා තෝරාගත් පදනම අතිශය ප්‍රශ්ණ සහගතය. එය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස දුමින්ද සිල්වා සමඟ කටයුතු කිරීමේදි පැවැති සුවිශේෂි සම්බන්ධතාවයද යන්න මතුවන පැනයකි.
ජනාධිපතිවරයෙක් ජනාධිපති සමාවක් ලබාදීමේදි ව්‍යවස්ථාවේ 34(1) ප්‍රතිපාදනයන්ට යටත්ව අනුගමනය කල ක්‍රමවේදයක් පැහැදිලිව දැක්වේ. එම ක්‍රමවේදයට අනුව මරණ දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් ලබා ගන්නා ලද වාර්තාව, නීතිපති උපදෙස් වෙත යොමු කොට නීතිපති නිර්දේශය සහිතව අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ යුතුය. අමාත්‍යවරයා විසින් තම නිර්දේශය ජනාධිපතිවරයා වෙත ලබා දිය යුත්තේ ඉන් අනතුරුවය.
මෙහිදී මෙම ක්‍රමවේදයට අනුගතව කටයුතු කර නොමැති බව පෙනෙන්නට ඇති අතර ඒ පිළිබදව නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදයට පිටින් යම් හිටපු ජනාධිපතිවරු සේම සහ වත්මන් ජනාධිපතිවරයාද තමාට පැවරී ඇති බලය අවභාවිතා කරමින් ජනාධිපති සමාව ලබාදී ඇත්තේ තමන්ගේ තීරණයට එරෙහිව අභියෝග කරන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැති යන ඒකාධිපති පාලකයකුගේ අධි මානසිකත්වය නිසාවෙන්මය.
රටක ජනතාව සේම පාලකයන්ද එකසේ රටේ පවතින නීති රාමුවට යටත් විය යුතු අතර , සැමට එක සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය යුතුය. එය රටේ යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි.
එක රටක්- එක් නීතියක් යන්න තම ප්‍රතිපත්තිය බව සෞභාග්‍යයේ දැක්ම තුලින් ප්‍රකාශ කරමින් බලය ලබා ගන්නා ලද වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අද අත්තනෝමතිකව තම සගයින් 'නිදොස් කොට නිදහස් කිරීම' සිය ප්‍රමුඛ තේමා පාඨය කරගැනීම පිලිබඳ සමස්ථ ප්‍රජාව තුල ඇත්තේ දැඩි පිලිකුළකි.
නීතියේ ආධිපත්‍යය හෑල්ලු කරමින් ජනාධිපති සමාව දීම සාධාරණීකරණය කරන ආණ්ඩුවෙන් අපට ඇසීමට ඇත්තේ නීතිය යනු ජනපති නම් - කුමට මෙරට අධිකරණය - නීතිය හා විනිසුරන් යනුවෙනි.
දුමින්ද සිල්වා වැනි වැරදිකරුවන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂි වරප්‍රසාදය ලබා ගැනීමට හැකිවන්නේ දේශපාලනික , ආර්ථික හා බලයක් සහිත පාර්ශවයන්ට පමණක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.
තවදුරටත් රටේ පුරවැසියන් ලෙස අපට මෙම තත්වය අනුමත කල නොහැකිය.
දේශපාලන ආධාරකරුවන් රැකගැනීමේ අවියක් ලෙස භාවිතා කරන ජනාධිපති සමාව අවම ලෙසවත් යුක්තිසහගත ලෙස ක්‍රියාවට නොනඟන තත්වය තුල මෙම ක්‍රමවේදය වහාම වෙනසකට ලක් කල යුතුව ඇත. මෙම ක්‍රමවේදය මහජනතාවට වගකියන ක්‍රමවේදයකට අනුව සංශෝධනය කරන ලෙස අප රජයට බල කර සිටිමු.
සමස්ථ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කෙරෙහිම පවතින විශ්වාසය පළුදු කර ඇති මෙම තත්වයට අදාල වාර්ථා හා නිර්දේශ වහාම ප්‍රසිද්ධ කරන ලෙස අප රජයට බල කර සිටිමු. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව සිදුකරන අපගේ අරගලය ජයග්‍රහණය කරවීමට පෙරට එන ලෙස සමස්ථ තරුණ ප්‍රජාවගෙන් හා රට වැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු. "
තරුණ නීතිඥ එකමුතුව සමගි තරුණ බලවේගය

රනිල්ගේ සූදානම වෙනස් කරන්න බැරි වෙන්න : 19 යළිත් ගේන්න !
මින් ඉදිරියට කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒම තම අනාගත දේශපාලන සැලැස්ම බව, හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි .
ඒ නෙත් නිව්ස් සමග සිදුකර ඇති සාකච්ඡාවකදීය.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ බලය අත්පත් කර ගැනීම පෙසක තබා තමන් තනිවම සිය අරමුණ වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කරයි.
අදාළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
අද (26) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කර තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද (26) උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ බවයි.
මේ අතර කිරිබත්ගොඩ, නාහේන ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා බව ඉවත් කර තිබේ.

සිවිල් සමාජ ක්‍රියාකාරී අසේල සම්පත්ව නාඳුනන පිරිසක් පැහැරගෙන !
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සහ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති වන අසේල සම්පත්ව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර සිටියි.
වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයින් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු හේතුවන් නොදැන්වූ බවත් ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කළාය.
ඇය ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් මේවනවිට පිළියන්දල පොලිසිය වෙත ගොස් මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

විමල්ගේ තුනක් බැසිල් ගලවලා ?
ආණ්ඩුව තුළ නිර්මාණය කරගෙන තිබෙනකුඩා පක්ෂ එකමුතුවෙන් පක්ෂ කිහිපයක්ම ඉදිරි සති දෙක තුළ එයින් ඉවත්වීමට සූදානම් වන අතර විමල් වීරවංසගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුද ඒ සමගම පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ.
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන වීරවංසගේ මන්ත්‍රීවරයා, මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු එම පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් බවද අනාවරණය වේ.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමට සමගාමීව ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම දේශපාලන වෙනස්වීම සිදුකෙරෙමින් පවතී.
වාසුදේව නානායක්කාර සහ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කුඩා පක්ෂ සංවිධානයෙන් ඉවත්වීමට මේ වනවිටද කැමැත්ත පල කර ඇත. එසේම අතුරලියේ රතන හිමි වෙත මන්ත්‍රී ධුරය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවද හෙළි වේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මේ වනවිට නව තත්වය පිළිබඳව කිසිදු ස්ථාවරයකට පැමිණ නැත.
මේ අනුව ඉදිරි සති කිහිපය තුළ බැසිල් රාජපක්ෂ තමන්ට විරෝධීව සිටින කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් තමන්වෙත දිනාගැනීමේ මෙහෙයුම සාර්ථක කරගනු ඇති බවට අනාවැකි පල වී තිබේ.
(Lanka truth )

MSC මෙසීනා නැවෙත් ගින්නක් !
Express pearl නෞකාවේ ගින්න සමගින් මෙරට සමස්ත සාගරික කලාපයටම අති දැවැන්ත පාරිසරික හානියක් සිදු වී එහි උණුසුම පහව යනටත් පෙර කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එන්ජිම අයත් කුටියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවේ ගින්න හටගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවට වාර්තාවී ඇති බවය.
ඒ අනුව අදාළ නෞකාව අසලින් ගමන්ගන්නා නෞකාවලට මේ පිළිබඳව දැනුම් දී ගින්න නිවීම සඳහා සහයෝගය ඉල්ලා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ නෞකාව ඊයේ (24) රාත්‍රියේ මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවය. මෙම නෞකාව කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ ලයිබීරියා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ.
ඉතාලිය.

වැලිකඩ සහ මහර මරණ දඬුවම ලැබූ සිරකරුවන් : ආහාර වර්ජනයක !
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල මරණ දඬුවම හිමිවූ රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කිරීම ඔවුන්ගේ ඉල්ලීම වී ඇති බවත් වාර්තා වෙයි.
විරෝධතාවයේ නිරත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග සිටි බවත් වාර්තා වෙයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධව මරණ දඬුවම ලබා සිටි දුමින්ද සිල්වා ඊයේ (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබිණ.

සිරගෙවල් - නීතිය - විනිසුරුවරුන් කුමකටද? : හිරුණිකා ජනාධිපතිට ලියයි !


දුමින්දගේ නිදහස : එජාපයත් ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි !
මිනීමැරුමකට වැරදිකරු වී 2016 දී මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර නිවේදනයක් නිකුත්කර ඇත.
ජුනි 24 නිකුත් කරන ලද ජනාධිපති සමාව ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළත් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව එහි සඳහන්ය එසේම ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාද? යනුවෙන් විමසා ඇති අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
මෙම විශේෂිත නඩුව විශාල මහජන උනන්දුවක් ඇති වූ අතර, එම සමාව ලබා දීමට ඔහු තෝරාගත්තේ මන්දැයි ජනාධිපතිවරයා රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතුය.
ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කිරීම තුළින් අධිකරණය අවභාවිතා නොකරන ලෙස එක්සත් ජතික පක්ෂය තවදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එවැනි සමාව නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබේ, මෙම ක්‍රියා පටිපාටිය මෙම තත්වය තුළ අනුගමනය කළේද?
රට තුළ අධිකරණයේ අඛණ්ඩ ස්වාධීනත්වය සඳහා වූ කැප වන බව එක්සත් ජාතික පක්ෂය යළිත් වරක් ප්‍රකාශ කරයි.

දුමින්දගේ නිදහසේ විස්තරය දෙන්න : නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි !
මිනීමැරුමකට සම්බන්ධ වැරදිකරුවකු වන දුමින්ද සිල්වාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේද යන්න ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
ඊට අනූව මිනීමැරුම් වැරදිකරුවෙකුට සමාව දෙන විට ඒ සඳහා නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ කැඳවිය යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, කරුණු සහ ඔහුට විශේෂයෙන් සමාව ලැබීමට තරම් කැපී පෙනෙන හේතූන් කවරේද යන්න මහජනතාව දැනගත යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ලිපියෙන් ජනපතිවරයා වෙත අවධාරණය කර තිබේ.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.

දුමින්ද නිදහස් කරාට ඇමරිකාවේ විරෝධය !
ඇමරිකා එක්සත් ජනපදයද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නිදහසට විරෝධය පල කර ඇත.
ඒ බව කොළඹ සිටින එක්සත් ජනපද තානාපතිනි අලානා ටෙප්ලිට්ස් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි.
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සිරකරුවන් කලින් නිදහස් කර යැවීම ගැන අපගේ ප්‍රසාදය හිමිවන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 දී අනුමත කරන ලද දඬුවමකට යටත් කොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර යැවීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙලයි,” යනුවෙන් එහි සඳහන් කර ඇත.

ශිරාල්ගේ රනිල් විරෝධය ඉවරයි : අපරාදේ අවුරුදු 10ක් !

දෙහිවල තෝර් ගේ ෂීනාටත් කොරෝනා....
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් – 19 ආසාදනයවූ “තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද ‘‘ෂීනා‘‘ කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මේ තත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
සිංහ ධේනුවට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන්නේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදීය.
සිංහ ධේනුවට කොවිඩ් ආසාදනයවී ඇතත් සත්වයාගේ තත්ත්වය අයහපත් නැතැයිද සාමාන්‍ය පරිදි ආහාර අනුභව කරමින් කාලය ගත කරන්නේ යැයිද දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධානීහු පවසති.
දෙහිවල සත්වෝද්‍යානය මේ වනවිට වසා දමා තිබෙන අතර ඊට පිටතින් කිසිවකුත් ඇතුලුවීමද තහනම් කර ඇත.
Page 445 of 449