හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය අද(18) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේයි.
2024 මාර්තු 14 වැනි දින අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද හිටපු අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළ ව මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
