V2025

පුවත්

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සමන්ත රණසිංහ

කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ජාතික ජනබලවේගය නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ  තෝරා ගත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (ආ) අනුව්‍යවස්ථාවට අනුව හා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (2) වන වගන්තිය යටතේ ක්‍රියා කරමින් මෙලෙස රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ  පත් කර ගෙන ඇත.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කෝසල නුවන් ජයවීර  පසුගිය 06වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට මන්ත්‍රීවයා 38වැනි වියෙහි පසු විය.WhatsApp Image 2025 04 09 at 15.25.25 724x1024

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා  අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා  අත්අඩංගුවට ගත්තේය.

මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

පිල්ලෙයාන් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුව⁣ට ගෙන ඇත.

මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහුව රැගෙන එමින් පවතින බව වාර්තාවේ.

දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

වැඩතහනමකට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර  විසින් ඉදිරිපත් කළාය.

එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත විය.

විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් යෝජනා කළාය.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  රඳවා සිටින්නේ, දුම්බර බන්ධනාගාරයේයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමට අදාලව දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා අත්අඩංගුවට ගත්තේ ය.

තීරු බදු ගැන ජනපති අනුර ට්‍රම්ප්ට යැවූ ලිපිය පිළිගනියි

අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත  පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  වෙත ලිපියක් යවා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පිළිගැනීමක් ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.

අමෙරිකාවේ නව තීරු බදු ගැන සාකච්ඡා කරන්න විජිත - ජුලි හමුවෙයි

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් හමුව තිබේ.

ඒ අද (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර තිබේ.

2022 වසරේදී ශ්‍රි ලංකාව පුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටමන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

රජයේ සියළු ආයතන ප්‍රධානීන් හෙට මැතිවරණ කොමිසමට

රජයේ සියළු ආයතන ප්‍රධානීන් හෙට (08) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

රජයේ දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔවුන් මෙසේ කැඳවන බව මැතිවරණ කොමිසම සභාවේ සභාපති ආනන්ද රත්නායක  පැවසීය.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම මැතිවරණ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

ඇතැම් රාජ්‍ය ආයතන මැතිවරණ නීතිය කඩ කරමින් දේපළ යොදා ගැනීම් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙන සාකච්ඡාවක්ද ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

2024 මහබැංකු වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව ජනපති අතට

ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීය.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ  විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.

වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.

මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත.

මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවෙහි අඩුවීම යනාදිය වේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙගජීවන් සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන අය සහභාගී වූහ.

චාමර සම්පත් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  අද (07) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඒ, සැකකාර මන්ත්‍රීවරයා ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මූල්‍ය චෝදනා කිහිපයකට අදාළව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

පොලිස් අත්අඩංගුවේ සිටියදී රෝහල් ගත කර සිටි සැකකරුවෙකු මිය යාමෙන් පසු, වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC) මාරු කිරීමට වැඩබලන පොලිස්පති (IGP) ප්‍රියන්ත වීරසූරිය නිර්දේශ කර ඇත.

2025 අප්‍රේල් 01 වන දින වැලිකඩ පොලිස් කොට්ඨාශය යටතේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවේ සිටියදී කලහකාරී ලෙස හැසිරීමක් පෙන්නුම් කළ බවට වාර්තා වූ සිද්ධියේදී මෙම සිදුවීම සිදුවිය. පසුව ඔහු මුල්ලේරියාවේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට ඇතුළත් කරන ලද අතර, එහිදී ඔහු පසුදා උදෑසන මිය ගියේය.

සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කිරීම සඳහා, ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව සඳහා වූ නිර්දේශය 2025 අප්‍රේල් 06 වන දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අතර, එය ජාතික පොලිස් කොමිසමට යොමු කිරීම සඳහා ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව රාජකාරිය නොසලකා හැරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රප්ත වී තිබේ.
ඒ හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ය.

මිය යනවිට ඒ මහතා 38 හැවිරිදි වියේ පසුවිය.

දේහය මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටව යයි...

නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී  අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා පිටත් වුණේය.

ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ අද (06) පස්වරුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීමටයි.

පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ ඔහු සටනක් යොමු කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම පිළිගැනීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බවයි.

එමෙන්ම මෙම සංචාරය අපගේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති අතර එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිට පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

92 large

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

පළාත් පාලන මැතිවරණයේ රාජකාරි හේතුවෙන් සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු, අද (06) සිට අවලංගු කර තිබේ.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් නිවාඩු අවලංගු කෙරෙන බවයි.

මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා හෙට(07) තැපෑලට භාරදෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකියි.

ඉන්දීය අගමැති අතින් මහව - අනුර'පුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කරයි

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  විසින්  අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව - අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය.

මේ සමගින් නවීකරණය කළ මහව - ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත විය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  ඇතුළු තවත් පිරිස් එක්ව සිටියහ.

ඉන්දියානු අගමැති අනුරාධපුරයට ළඟා වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී  අද (06) පෙරවරුවේ අනුරාධපුරයට ළඟා විය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා යන  විසින් අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබිණි.

අනතුරුව අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී  ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර පිළි ගනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක් ” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.

රාජගිරියේ උත්සව ශාලාවක ගින්නක්

ඊයේ රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

උත්සව ශාලාව තුළ ගින්න හටගන්නා අවස්ථාවේ අවුරුදු කුමර කුමරිය තේරීමේ තරගයක් පැවති බව වාර්තා වේ.

තරගය අවසන් වීමට ආසන්න අවස්ථාවේ දී එම ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

උත්සව ශාලාවේ තිර රෙදිවල ගින්න හටගෙන අනතුරුව විනාඩි කිහිපයක් තුළ සමස්ත ශාලාව තුළම ගින්න පැතිර ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කරයි.

කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ගිනි නිවන අංශ ගින්න පාලනය කිරීමට උත්සාහ කළ ද ඒ වනවිටත් ශාලාව පුරා ගින්න පැතිරීගොස්  ඇති බව වාර්තා වේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා ගිනි නිවීම් රථ 4 ක් යොදා ගත් බවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීම් රථ දෙකක් ද, ඒ සඳහා යොදාගෙන තිබුණි.

ඉන්දීය අගමැති දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  කොළඹදී ශ්‍රී ලාංකික දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමු වී තිබේ.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ආර් සම්බන්ධන්ගේ සහ මාවයි සේනාධිරාජ‍ෙගේ අභාවය පිළිබඳව සිය ශෝකයද පළ කර ඇත.

ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීම, සෞඛ්‍ය සේවා පහසුකම් සහ කෝවිල් ඇතුළු පුදබිම් මෙන්ම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාව සහය ලබා දෙන බවත් පවසා තිබේ.

අද (05) පස්වරුවේ එම හමුව සිදුව තිබෙන අතර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හෙට (06) වැනිදා තෙක් මෙරටට රැඳී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගනයකට බැඳීමක්” සංකල්පය යටතේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටී.

වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරුවා මියයාම ගැන විමර්ශන CIDයට

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දී රෝහල් ගතකළ සැකකරුවෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ (04) දිනයේ සිට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය 01 වනදා රාත්‍රී කාලයේ රාජගිරිය, නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහාකාරි ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔහුව රෝහල් ගතකර තිබේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සහ රෝහල් ගත කිරීමෙන් පසු මියගිය ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන සිදුකරනු ලැබේ.

Page 8 of 464