එයාර් බස් ගනු දෙනුවට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහු බිරිඳ වන නියෝමාලි විජේනායක ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (04) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 200 බැගීන් ශරීර ඇප මත මෙසේ මුදා හැරිණි.
මෙම සැකකරුවන්ගේ විදෙස්ගමන්ද තහනම් කළ අතර සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයිද නියෝග කළේය.එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ඩොලර් මිලියන 2ක අල්ලසක් ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
