හිටපු අමාත්‍ය මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු 12 දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (04) නියෝගයක් නිකුත් කළේය.
එමෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය ලබන සිකුරාදා ලබා දෙන බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නේය.
බැඳුම්කර වෙන්දේසි වල සිදු කරන ලද අපරාධමය වැරදි වලට සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. විදෙස් ගමන් තහනම පැනවූ පිරිස මෙසේය.
1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි
6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
7 .චිත්ත රංජන් හුළුගල්ල
8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්
9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා
10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
11.සංගරපිල්ලේ පදුමනාපන්
12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
