පාර්ලිමේන්තුව විසුරුවාලීම සහ මහ මැතිවරණය කැඳවීමට ආසන්නයේ ආරම්භ කෙරුණු උපාධිධාරී අභ්‍යාසලාභි පුහුණුව සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට මැතිවරණ කොමිසම දැනුම්දී ඇත.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර ඇති අතර ඊට අනූව මේ අත්හිටුවීමට තීන්දුව ගෙන ඇත්තේ ජන්ද විමසීමේ කාලසීමාව තුළ පත්වීම්, ස්ථාන මාරු සහ උසස්වීම් පිළිබඳව බලපවත්නා නීතිවලට අනුකූලවය.
ඒ අනූව ජන්ද විමසීමේ සිට ප්‍රතිඵල නිකුත්කර සතියක් ඉක්මයන තුරු මෙකී පත්වීම් ලබාදීම අත්හිටුවීමට දන්වා ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
