අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව පවත්වාගෙන යන නඩු තාවකාලිකව බහා තැබීමට පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකතන සංවාදවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් ගැටළු මතු වීම මෙම ඉල්ලීමට ප්‍රධාන හේතුව ලෙස පොලිස්පතිවරයා දන්වා ඇත.
විමර්ශන ක්‍රියාවලියේ ගැටළු තිබීම අධිකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන බවත් එසේ ගැටළු ඇත්නම් ඒ සම්බන්යෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතීමය කටයුතු කළ හැකි බවත් නීතී ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතය වී තීබේ.
පොලිස්පතිවරයාගේ මෙම ඉල්ලීම ගැටලු සහගත බවත් මෙය නීතිය පසඳලීමේ ආයතනයක් හැසිරියයුතු ආකාරය නොවන බවත් ඔවූහු වැඩිදුරටත් පවසති.
(ලංකා තෘත් )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
