හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
අද පස්වරුවේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මියට දැනුම් දුන්නේ ය.
රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරියහොත් පරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
