නිදහසින් පසු 2005 පමණ දක්වා රට පාලනය කළ බහුතරයක් මධ්‍යම පාන්තිකයින් බවත්, ඔවුන් කිසිදු මොහොතක තමන්ගේ පාලන තන්ත්‍රයේ වුවමනාවට අනුව රජයේ නීතිය නැවීමට හෝ වෙනස් කිරීමට උත්සාහ කළේ නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" Youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
2005 වසරෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනය යුද්ධයට මුවාවෙන් යට කී නීතියේ ආධිපත්‍යය බිඳ දැමූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජේ. ආර්. ජයවර්ධන ඒකාධිපතියෙක් ලෙස හැඳින්වුව ද ඔහු මූලික ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම ආරක්ෂා කළ බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
