මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරීමේදි රජයේ මුදල් කෝටි 33ක මුදලක් අවභාවිත කළ බවට එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුවෙන් ජනපතිවරයා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (21) නියෝගකර ඇත.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම නිසාය.
ඒ අනුව ජනපතිවරයාට එරෙහිව පවරා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය යළි භාර දෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
මේ පිළිබඳව ඉදිරි කටයුතු සළකා බැලීම සඳහා නඩුව නැවතත් ජනවාරි 9 දා විභාගයට ගැනීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
