Language Switcher

V2025

නාවික මැරයන් තරුණයන් 11 ඉස්සුවේ : ගෝඨාභය දැනුවත්ව !

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැුවූ ක‍්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන් හෙලිදරව් වී තිබේ.

 පසුගිය බදාදා (9) පොලිස් අපරාධ විමර්ශන අංශය (සී.අයි.ඞී.) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ‘‘බී’’ වාර්තාවක් ඉදිරිපත් කෙළේය. එම ‘‘බී’’ වාර්තාව පදනම්ව තිබුණේ, එසේ මෙසේ කෙනෙකුගේ නොව, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අපරාධ විමර්ශන පොලීසියට ලබා දුන් ප‍්‍රකාශයක් මතයි. නාවික හමුදාව තුළ එදා ක‍්‍රියාත්මක වෙමින් පැවති මැර කල්ලි විසින් සිදු කෙරෙමින් තිබූ රුදුරු ක‍්‍රියා පිළිබඳව හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂව දැනුම්වත් කොට තිබුණු බව එම ‘‘බී’’ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. එසේ තිබියදීත්, මේ නාවික හමුදා මැර කල්ලිවල සාපරාධී ක‍්‍රියා නතර කිරීමට ගෝඨාභය රාජපක්ෂ කිසි පියවරක් ගෙන නොතිබුණා පමණක් නොව, එම ක‍්‍රියා අඩු කිරීම සඳහා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, නාවික හමුදාවේ එවක සේවය කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු වැනි ඉහළ නිලධාරියෙකුට කිසි උපදෙසක් දී තිබුණේ නැති බවත්, පොලිස් ‘බී’ වාර්තාවෙන් අධිකරණයට පෙන්වා දී තිබේ.

ඒ තරුණයන් පැහැරගෙන ගොස් ත‍්‍රිකුණාමලේ ‘ගන් සයිට්’ නමැති ස්ථානයේ රඳවාගෙන සිට පසුව අතුරුදහන් කැරැුවීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන නාවික හමුදා නිලධාරීන්ව තමන් බලයට පත්වීමෙන් පසු දාම නිදහස් කරන බව, එකී රුදුරු අපරාධ සහායක, වර්තමාන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා අනුරාධපුරයේදී කියා සිටීම, ඒ තත්වය යටතේ අරුමයක් නොවේ.

අගෝස්තු 21 වැනි දා මේ නඩුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවුණු අවස්ථාවේ ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වාර්තා කළ පරිදි, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු වශයෙන් පසුව විශ‍්‍රාම ගිය ඉහත කී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු පස් වතාවක්ම පොලිස් අපරාධ විමර්ශන අංශයට ප‍්‍රකාශයක් ලබාදීම මගහැර සිටීමෙන් පසුව අගෝස්තු 21 වැනි දා අධිකරණය ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස අධිකරණයට කියා සිටියේ, මේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළි කිරීමේ හැකියාවක් හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ෂවීන්ද්‍ර ප‍්‍රනාන්දුට නැති බවයි. ඒ සඳහා අවසරයක් වශයෙන් ඔහු ගෙනහැර දැක්වූයේ ‘1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති පද්ධතියේ (නීතිඥවරුන් සඳහා වන චර්යා සහ ආචාර ධර්ම*’ අංක 31-38 අතර රීතිවලිට ගැනෙන විශ්වසනීයත්වය පිළිබඳ ආචාර ධාර්මික හේතු සහ නීතිඥ-සේවාදායක වරප‍්‍රසාද ආදියයි. එදා ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස අධිකරණයට කී පරිදි, තමාගේ සේවාදායකයා (හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ෂවීන්ද්‍ර ප‍්‍රනාන්දු* එම තොරතුරු ලබාදීමට කැමැත්තෙන් සිට ඇතත්, ඒ සඳහා නාවික හමුදාවේ අදහස් වීමසීමෙන් පසුව ඒ සඳහා ඔහුට අවසර ලැබී නැත. එනම්, තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ කිසි තොරතුරක් ලබා නොදෙන ලෙස නාවික හමුදාව ඔහුට උපදෙස් දී ඇති බව ය.

මේ සිද්ධිය තුළ හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප‍්‍රනාන්දුගේ එකී නිහීන සහ තුච්ඡු අපරාධ සහායකත්වය නිසා, ඔහු ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය නොකිරීමටත්, ඔහු වෙනුවෙන් පෙනී නොසිටීමටත් තමන් තීරණය කොට ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇතැයි ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙත දැනගන්නට තිබේ.

අදාළ තොරතුරු හෙළි කිරීමෙන් වැළැකී සිටින ලෙස නාවික හමුදාව විසින් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දුට ඇත්තෙන්ම උපදෙස් දී ඇත්දැයි නාවික හමුදාවෙන් විමසා තමන් වෙත වාර්තා කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇති බව වාර්තා වෙයි. ඒ අතරේම, ‘අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ’ 255 යටතේ, හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප‍්‍රනාන්දුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණය පොලීසියට උපදෙස් දී ඇති බවත් සැළයි.

මීට කලින් පොලිස් අපරාධ විමර්ශන අංශයට ප‍්‍රකාශයක් ලබාදෙමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කියා ඇත්තේ, නාවික හමුදාව තුළ ක‍්‍රියාත්මක වෙමින් පැවති සාපරාධී පිරිස් පිළිබඳ ආරංචිය ලද සැණින්, ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස එවක නාවික හමුදාවේ නීති අංශය භාරව සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දුට තමා දැනුම්දුන් බව ය. කෙසේ වෙතත්, දැන් හෙළිදරව් වී ඇති පරිදි, ඒ සම්බන්ධයෙන් කිසි පියවරක් ගැනීමට ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු අසමත්ව ඇතිවා පමණක් නොව, හිතාමතාම ඒ සිද්ධිය යටගැසීමටත්, සාක්ෂිකරුවන් බිය වද්දමින් සාක්ෂි යටපත් කිරීමටත්, තමන් විසින් තෝරාගත් නාවික හමුදා භටයන් කිහිප දෙනෙකු කෙරෙහි විශේෂ අනුග‍්‍රහයක් පොලීසියෙන් ලබාගැනීමටත්, තමාවම සැකකරුවෙකු බවට පත්වීම වළක්වා ගැනීමටත්, නාවික හමුදාවේ නීති අංශය භාර ප‍්‍රධානියා වශයෙන් එදා ඔහු කටයුතු කර තිබේ.
 
මේ සිදුවීම් අපක්ෂපාතීව පරීක්ෂා කිරීමේ පොරොන්දුව පිට 2015 දී බලයට පත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, මේ සිද්ධියට කරන්නාගොඩගේ සම්බන්ධතාවක් තිබියදීත්, පසුගිය අගෝස්තුවේදී නිර්ලජ්ජී ලෙස ඔහුව නාවික හමුදා අද්මිරාල් තනතුරට උසස් කෙළේය. මෙය එදා බොහෝ දෙනාගේ නිර්දය විවේචනයට ලක්විය.

තරුණයන් 11 දෙනා අතුරුදහන් වීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සම්පූර්ණ නොකිරීමක් සහ අනවශ්‍ය ප‍්‍රමාදයක් ඇති කිරීමක් ගැන වැඩ බලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා මේ මෑතකදී චෝදනා කෙළේ එවැනි සිදුවීම්ද මධ්‍යයේ ය. ඊට අමතරව, ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග සහ රගර් ක‍්‍ර‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කිරීමේ සහ ‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන යාමේ සහ මුතූර් ප‍්‍රදේශයේ සේවය කළ සහනාධාර සේවකයන් ඝාතනය කිරීමේ සිදුවීම් පිළිබඳ පරීක්ෂණත් පමා වී ඇතැයි ද නීතිපතිවරයා චෝදනා කෙළේය.
11 youth abduction case
දැනට සේවයේ නියුක්ත ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, මේ තරුණයන් 11 දෙනා පැහැරගෙන යාමේ සිද්ධිය ගැන, වසන්ත කරන්නාගොඩ සේම දැනුවත්ව සිටි බවට ගිය වසරේ චෝදනා ලැබීය. ඒ සියල්ල මධ්‍යයේ, මේ වසරේ පෙබරවාරියේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති පරිදි, ඉහළ තැන්වල මැදිහත්වීම යටතේ, මේ සිද්ධියට සම්බන්ධ ඇතැම් සැකකරුවන්ගේ ටෙලිෆොන් ඇමතුම් පිළිබඳ දත්ත, අදාල පෞද්ගලික දුරකථන සමාගමේ වාර්තාවලින් මකා දමා ඇත.

මේ සිද්ධියට අදාළ සාක්ෂි සහ සාක්ෂිකරුවන් කෙරෙහි අයුතු බලපෑම් කර ඇති ප‍්‍රථම අවස්ථාව එය නොවේ. 2018 නොවැම්බර් 25 වැනි දා, මාණ්ඩලික ප‍්‍රධානියාගේ ආරක්ෂක නිලධාරීන් විසින් මාණ්ඩලික ප‍්‍රධානියා ඉදිරියේදීම, මේ සිද්ධියේ සාක්ෂිකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරිට පහර දෙන ලදි. ලූතිනන් කමාන්ඩර් ලක්සිරි ඒ ගැන පැමිණිලි කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ ඔහුගේ පැමිණිල්ල සටහන් කර නොගන්නා ලෙස නාවික හමුදාව පොලීසියට බලපෑම් කොට ඇතිවා පමණක් නොව, පසු දා සිද්ධිය වූ ස්ථානයට පොලීසිය යන විට, අදාළ සී.සී.ටී.වී. කැමරා දර්ශන, මාණ්ඩලික ප‍්‍රධානියාගේ ගෝලයන් විසින් මකා දමා තිබුණි.

2018 නොවැම්බර් 28 වැනි දා, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නව අත්අඩංගුවට ගැනුණු අතර, දෙසැම්බර් 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අද්මිරාල් විජේගුණරත්න විසින් නේවි සම්පත් නමැති සැකකරුවා ආරක්ෂා කොට රැුක බලාගෙන සිටි බව පෙන්වන සාක්ෂි ඒ වන විට පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් සොයාගෙන තිබුණි. එදා පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණු පරිදි, ත‍්‍රිකුණාමලේ නාවික කඳවුරට අනුබද්ධව සේවය කළ නේවි සම්පත් නමැත්තා, නීතියෙන් පලා ගොස්, නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන්ගේ අනුග‍්‍රහය යටතේ නාවික නිලධාරී නිල නිවස්නයේ සැඟව සිටි බවත්, වර්තමාන මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ඒ බව දැන සිටි බවත් හෙළි වී තිබේ. නීතියේ රැුහැනට හසු නොවී සිටීම සඳහා මේ සැකකරුට අවශ්‍ය පහසුකම්, උපදෙස් සහ ආරක්ෂාව මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න විසින් සපයා ඇති බව පොලීසිය තවදුරටත් අධිකරණයට දන්වා සිටියේය. එපමණක් නොව, මේ සැකකරුට ලංකාවෙන් පලා යාම සඳහා නාවික හමුදාපතිවරයාගේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක මුදලක් රෙයා අද්මිරාල් හෙට්ටිආරච්චි හරහා අද්මිරාල් විජේගුණරත්නගේ අනුදැනුමෙන් යුතුව ලබා දී ඇතැයිද පොලීසිය අධිකරණයට වාර්තා කෙළේය.

කරුණු එසේ තිබියදී, නීත්‍යානුකූල ආණ්ඩුව පෙරලීමේ දින 51 කුමන්ත‍්‍රණය අස්සේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කෙළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානගත අපරාධ අංශයේ ප‍්‍රධානියා වශයෙන් මේ සිද්ධිය ඇතුලූ තවත් ප‍්‍රධාන පෙළෙ අපරාධ විමර්ශන ගණනාවක් කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාව, පොලිස් කොමිසමේ අනුමැතියකින් තොරව, මීගමුව පොලිස් කොට්ඨාශයට මාරු කිරීමයි.

   තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු වන මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නම ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැුස්වීමකදී රහස් පොලිස් නිලධාරී නිශාන්ත සිල්වාට එරෙහිව අභූත චෝදනාවක් නැගීම, ජනාධිපතිවරයා විසින් එම පොලිස් නිලධාරියාව මීගමුවට මාරු කිරීමේ තීරණයට හේතු විණැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් පොලිස් කොමිසමට වාර්තා කර ඇති බව මීට පෙර ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. කෙසේ වෙතත්, එම පොලිස් නිලධාරියා මාරු කර යැවීමේ ජනාධිපති නියෝගය, ‘ජාතික පොලිස් කොමිසමේ’ ක්ෂණික මැදිහත් වීම මත ව්‍යර්ථ විය. ඒ, පොලිස් කොමිසමේ උපදෙස් පිට පොලිස්පති පූජිත ජයසුන්දර වහාම අදාළ මාරුව ඉල්ලා අස්කර ගැනීම නිසා ය.

2019 ඔක්තෝබර් 12 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Exclusive: Gotabaya Rajapaksa Knew of Abduction of 11 Youth by Navy නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි