ඔක්තෝම්බර් මස එකොළොස් වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගතහොත් ඔවුන් කියන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පෙහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමට සූදානම් බව පොදුජන පෙරමුණේ පළාත් පළාත් පාලන මන්ත්‍රී සංසදය සඳහන් කරයි.
පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි කැදවුම්කරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මේ බව සදහන් කළේය.
මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබෑ නියෝජනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව තිබෙන බැවින් තමන් සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බවත් ඔහු පැවසීය.
එසේ නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා හා මාධ්‍ය ප්‍රකාශකයා වරයා පවසන ආකාරයට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් නැතැයි ද ඔහු කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
