එළැඹෙන ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙස උපදෙස් ලබාදීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් රජයේ මුද්‍රණාලාධිපතිනිය කැඳවා ඇත.
ජනාධිපතිවරණයට අවශ්‍ය සියලු දැන්වීම්, නිල ඡන්ද පත්‍රිකා ආදිය මුද්‍රණය කිරීමට ඇතුළු සෙසු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය තරම් කඩදාසි සූදානමින් තබා ගන්නැයි තමන් උපදෙස් දුන් බව මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසන්නේ ඉදිරි දෙසතිය ඇතුළත නාමයෝජනා භාරගැනීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි.
ජනාධිපතිවරණය පැවැත්වීම සහ නාම යෝජනා බාර ගැනීම එකම ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ යුතුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
