විජේපාල මෙන්ඩිස් ගුණ සැමරේ : විජයමුණි මූලිකත්වය ගනියි !

විජේපාල මෙන්ඩිස් ගුණ සැමරේ : විජයමුණි මූලිකත්වය ගනියි !

හිටපු එජාප කටාන ආසනයේ ප්‍රධාන සංවිධායක අමාත්‍යවිජයපාල මෙන්ඩිස් මහතා සිහිකරමින් මෙවර ගුණ සමරුපින්කම් මාලාවක් සංවිධානය කර තිබේ. ඒ වත්මන් එජාපකටාන ආසන ප්‍රධාන සංවිධායක විජිත් විජයමුණි සොයිසාමන්ත්‍රීවරයාගේ මුලිකත්වයෙනි.

ඒ අනුව හෙට දින (31) සවස 6.30යේ සිට සර්ව රාත්‍රික පිරිත්පින්කමක් විජය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී (Yහංදියේ දී) පැවැත්වීමට නියමිත අතර පසුදින හිල් දානමයපින්කමක් ද සංවිධානය කර තිබේ.

එගොඩගම ආනන්ද ස්වාමින්වහන්සේගේදඅනුශාෂණයෙන් පැවැත්වීමට නියමිත මෙම පිංකම සදහාප්‍රදේශයේ නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගේදදායකත්වය හිමිව තිබේ.

හිටපු අමාත්‍ය විජයපාල මෙන්ඩිස් මහතා 1954 දී මිගමුවනගරාධිපතිධුරයට පත්වෙමින් සිය දේශපාලන ජීවිතයආරම්භ කල අතර 1960 වසරේදී කටාන ආසනය නියෝජනයකරමින් එජාපයෙන් පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට තේරීපත්විය. වසර 1965 වසරේදී රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්බවට පත් වූ විජයපාල මෙන්ඩිස් මහතා එතැන් සිට විවිධඅමාත්‍යංශ මෙන්ම රජයේ විවිධ තනතුරුද හෙබ වූ අතරහෙතෙම වසර 2001 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරනාලදී. 2012 වසරේ සැත්තැම්බර් මස 01 වනදා මෙලොව හැර යනවිට මෙන්ඩිස් මහතා 83 වන වියේ පසුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න