සේනක බිබිලේ අතුරුදන් වූයේ ඖෂධ මාෆියාව පිලිබඳව කතා කරන්න ගොස් බවත්, තමන් ගේ දරුවන්ට තාත්තා නැතිවෙයි යන බිය තියාගෙන වුව ද මේ හෙළිදරව්ව කළ යුතු යැයි පුරවැසියො සංවිධානයේ කැඳවුම්කරු කැළුම් අමරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී ටෙන්ඩර් පටිපාටියක් පිළිබඳ හෙළිදරවු කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කැළුම් අමරසිංහ
මහා බැංකු කොල්ලයට වඩා ලොකු කොල්ලය
''අපි මේ හැප්පෙන්නෙ අතිශය විශාල ප්‍රග්ධනයක් තියන පිරිසක් එක්ක. සේනක බිබිලේ අතුරුදන් උණේ ඖෂධ මාෆියාව ගැන කතා කරන්න ගිහින්. මගේ දරුවන්ට තාත්තා නැතිවෙයි කියන බය තියාගෙන යි මේ හෙළිදරවුව කරන්නෙ. මම යන්නෙ පුද්ගලික ප්‍රවාහන සේවයේ හදිසි අනතුරක් වෙලා මැරුණා කියන්නත් පුළුවන්. නමුත් යුක්තිය වෙනුවෙන් කතා කරනවා. අපි තොරතුරු දැන ගැනීමේ පනත අනුව මේ තොරතුරු ගත්තේ විශාල පරිශ්‍රමයක් දරලා. රටම කතාවෙන ලොකුම කොල්ලය මහා බැංකු කොල්ලය කියලානෙ; නමුත් ඊට වඩා වැඩි කොල්ල තියනවා.
නලින්ද මහත්තයො... මේ ටෙන්ඩරයට නැවතීමේ තිත තියන්න
2013 මෛත්‍රීපාල සිරසේන සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න කොට සායනික අපද්‍රවය බැහැර කරන්න සමාගමකට දෙන්න සංදේශයක් ගෙනවා. මේ සායනික අපද්‍රවය ඉවත් කරන්න දවසකට ලක්ෂ 28 ක් යනවා. මේ සදහා මැශින් 15ක් ගන්න එක්කොටි අසුලක්ශයක් පමණ යනවා. නමුත් ගන්නෙ මැශින් පහයි ඒකෙ ගාන එක්කොටි හැට ලක්ෂය යි. මේ මැශින් 5 ක් ගන්න ගිය වියදමක්. මේ සිසිලියා අයතනයේ ටෙන්ඩර් එක අවුරුදු 10ක ගිවිසුමකට යටත් වෙලා තියෙන්නෙ. මේ සම්බන්ධව තව ආයතන රශියක් අයදුම් කරනවා මධ්‍යම පරිසර අධිකාරියට. මේ සිසිලියා ගිවිසුම කඩලා දාලා ඊට වඩා තුනෙන් එකකට වඩා අඩුවෙන් කරන්න මීට වඩා පහසුකම්, තාක්ෂණය සහිතව. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය මෙකෙන් ඒ සමාගම පාස් කරන්නෙ නෑ. මේ රජය ඇවිත් අවුරුද්දකට වැඩියි; තාම ටෙන්ඩරය ඉවත් කරලා නෑ. නලින්ද මහත්තයො මේ ටෙන්ඩරයට නැවතිමේ තිත තියන්න. මේ සිසිලියා අයතනය සායනික අපද්‍රවය කිලෝ එකක් ගන්නෙ 280කට මේ තරග කරන ආයතන කියනව 170කට ගන්නම් කියලා. පහුගිය කාලේ ප්‍රවෘත්ති ගියා සායනික අපද්‍රවය ගොඩ ගැහිලා කියලා ඒකට හෙතුව මේ අයතනයේ කැපැසිටි එක මදි මේවා පුලුස්සන්න. එකයි මෙහෙම ගොඩ ගැහෙන්නේ. මේ සමාගම අවම ටෙන්ඩර් පටිපාටියවත් අනුගමනය කරල නැහැ.''

