සිංහයෝ අද නවසීලන්තය සමඟ සටනට

සිංහයෝ අද නවසීලන්තය සමඟ සටනට

මෙවර පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 8 දෙනාගේ (Super 8) වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (25) නවසීලන්තයට එරෙහිව පැවැත්වෙයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7:00 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතය.

ජයග්‍රහණය අනිවාර්යය මොහොතක්

සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේදී එංගලන්තය හමුවේ ලකුණු 51 කින් පරාජයට පත්වීම හේතුවෙන්, මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු ජීවමානව තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුය.

ප්‍රවේශපත් අවසන් - දොරටු පස්වරු 4 ට විවෘතයි

ක්‍රිකට් ලෝලීන් තුළ පවතින දැඩි උනන්දුව හේතුවෙන් තරගයේ සියලුම ප්‍රවේශපත් මේ වන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා පස්වරු 4:00 ට පිවිසුම් දොරටු විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා පන්දුවාර විස්සයි20 තරග 28ක් පවත්වා ඇති අතර ඉන් තරග 16ක් නවසීලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය ගෙන ඇත.

විශේෂ රථ වාහන සැලැස්ම

ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් පැමිණීමට නියමිත බැවින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ග සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇත. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න