2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් විසින් පෑලියගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
2019 අප්‍රේල් 21 වැනි දින මෙම බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට, එවක බ්‍රිගේඩියර්වරයෙකු වූ සුරේෂ් සලේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු ලෙස රාජකාරි කරමින් සිටියේය.
ඊට පෙර ඔහු යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
