ශ්‍රිලනිප සහය ගෝඨාට දුන්නොත් : ශ්‍රිලනිප තවත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට !

ශ්‍රිලනිප සහය ගෝඨාට දුන්නොත් : ශ්‍රිලනිප තවත් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට !

ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහ දක්වන්නට තීරණය කළහොත් වෙනම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු පවසයි.

අනිද්දා පුවත්පත වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කර ඇති අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

ශ්‍රීලනිපය පොහොට්ටුව හා එක්වුණොත් වෙනම ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ අනුව එවැනි තත්වයකදී තම කණ්ඩායමේ සහයෝගය ඔහුට ලබාදෙන බව ඔහු කීය.

ශ්‍රීලනිප හිටපු ආසන සංවිධායකවරුන් 18 දෙනෙකුගෙන් ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය සමන්විත වන බව ඔහු කියයි.

ශ්‍රීලනිපය රාජපක්ෂ පිලට සහයෝගය නොදැක්විය යුතු බවත් මේ වන විට ශ්‍රීලනිපයේ ඉතිරිවී සිටින්නේ රාජපක්ෂ විරෝධී ශ්‍රීලනිප සාමාජිකයන් බහුතරයක් වන බවත් ඔහු කීය. එම කණ්ඩායම නියෝජනය කරන්නේ එම බහුතරයේ මතය වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රීලනිපය තනිව ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි තම කණ්ඩායම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට යෝජනා කර ඇතැයි ඔහු පැවසීය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න