සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (26) දහවල් 12:00 සිට සවස 6:00 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම වෘත්තීය සමිති සන්ධානය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිඛිතව යොමු කර ඇත.
වැඩ වර්ජනයට හේතු
දීර්ඝ කාලයක සිට ඉදිරිපත් කර ඇති සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශය සහ මණ්ඩල පාලනාධිකාරිය දක්වන මන්දගාමී ප්‍රතිපත්තියට විරෝධය පෑම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
