ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානයට : ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් 46ක් විරුද්ධයි !

ශ්‍රිලනිප - පොහොට්ටු සන්ධානයට : ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන් 46ක් විරුද්ධයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර සන්ධානයක් සෑදීම සම්බන්ධව ශ්‍රිලනිප අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වෙයි.

මේ බව මාධ්‍ය හමුවේ තහවුරු කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසිනි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති ජී.එච්. බුද්ධදාස පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් 160න් 46ක් මෙම පොහොට්ටු - ශ්‍රිලනිප සන්ධානයට විරුද්ධ බවයි.

පොහොට්ටු පක්ෂය බිහිවූයේ ශ්‍රිලනිප ය බිඳ දමමින් බවත් එවැනි තත්ත්වයක් හමුවේ සන්ධාන ගතවීම තුළින් පක්ෂය නැත්තටම නැති වීමේ අවධානමක් ඇති බවත් ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න