අභයතිස්ස හිමිගෙන් බරපතල හෙළිදරව්වක්: ගෝඨා නිහඬයි! (Video)

අභයතිස්ස හිමිගෙන් බරපතල හෙළිදරව්වක්: ගෝඨා නිහඬයි! (Video)

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂි මෙරටට යළි ලබා ගත නොහැකි වන ආකාරයට අමෙරිකාව සහ එෆ්.බී.අයි ආයතනය එම සාක්ෂි ඔවුන් සතු කරගෙන ඇතැයි ගෝඨාබයවාදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අනාවරණ කරයි.

ඊයේ (29) කොළඹ පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝඨාභය දේශපාලනික වශයෙන් ගොඩදැමීමට සිදුකළ ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ද? යන කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ විමසීමට ලක්වෙමින් තිබියදී වීම විශේෂ කාරණයකි.

කෙසේවුවද මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසුහ.

“ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සහ බටහිර බුද්ධි කාර්යාංශවල භූමිකාව යන ලිපියේ බටහිර බුද්ධි කාර්යාංශ ගැන කතාකරද්දි පැහැදිලි කරනවා, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දුරකථන සහ අනෙකුත් උපකරණ දේශීය විමර්ශකයින්ට නැවත ලබා ගත නොහැකි ආකාරයෙන් මුල් අවධියේදීම ඉවත් කර ගැනීමට එෆ්.බී.අයි. නිලධාරීන් විසින් කටයුතු කර ඇති බව විශ්වාස කිරීමට හේතුවක් තිබෙන බව.

ඇමරිකාව සහ එෆ්.බී.අයි. සහරාන් ඇතුළු කල්ලි කණ්ඩායම් බෝම්බ ප්‍රහාරයට තිබුණ සාක්ෂි ලබාගෙන. දේශීය විමර්ශකයින්ට ඒවා ලබා ගැනීමත් වළක්වලා. තොරතුරු හා දත්ත අතුරුදන් කරලා. කාදිනල්තුමා කිව්වා ඇත්ත හෙළිකරගන්න ඕන කියලා. නමුත් සත්‍ය සොයා ගැනීමේ මාර්ග වසා දමලා. ඒ නිසා මෙහි මුලටම යන්න වෙනවා”

අභයතිස්ස හිමියන් ඇතුළු ගෝඨාවාදී කල්ලි කණ්ඩායම් මේදිනවල ඇමරිකානු විරෝධයක් ඉස්මතු කරමින් සිටින්නේ, ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු ගැත්තකු බවටත් ඔහුට ඇමරිකාවේ සහය පලවී ඇති බවටත් දවසින් දවස හෙළිදරව් වෙමින් තිබෙන තත්වයක් තුලය.

Text 017පාස්කු ප්‍රහාරය හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර සම්බන්ධය හා ගෝඨාබය සාධකය එකට තැබීම එකහෙලා ප්‍රතික්‍ෂේප කළ යුත්තක් නොවන බව දේශපාලන විචාරකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

''ඇමරිකානු අතපෙවීමක් :තවත් කෝලාහලයක් අතළඟ'' යන ශීර්ෂයෙන් යුතුව 'theleader.lk' හි අගෝස්තු 07දා පළවූ විශේෂ ලිපියට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් ඔහු එබව සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝඨාබය දේශපාලනික වශයෙන් ගොඩදැමීමට සිදුකළ ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ද? යන කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ විමසීමට ලක්වෙමින් තිබියදී ඔහුගේ කල්ලි කණ්ඩායම් ඇමරිකාවට බැන වදිමින් සිටින්නේ ගෝඨාබය එල්ලවෙමින් තිබෙන අපවාදයෙන් ගලවා ගැනීම සඳහා දැයි 'theleader.lk' එම ලිපිය මගින් සැකයක් මතුකර තිබිණ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන කුසල් පෙරේරා මෙසේ කියා සිටියි.

''පාස්කු ප්‍රහාරය හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර සම්බන්ධයක් හා ගෝඨාබය සාධකය එකට තැබීම එකහෙලා ප්‍රතික්‍ෂේප කළ යුත්තක් නොවේ. ජාතික ආරක්ෂාව සහ හමුදාමය ක්‍රියාන්විත ඉහළම තලයකට එසවීමත් ඒ සමග ගෝඨා සඳහා ඉල්ලුම ඉහළ යාමත් අවසානයේ පාස්කු ප්‍රහාරය පසුපස ISIS සම්බන්ධයක් නොවීමත් අලුතෙන් කියවිය යුත්තකි.

මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහායද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. 2007 මාර්තු වේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයාවීම හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න