අජිත් පී - සුජී : එජාප විනය පරීක්ෂණය මඟහරියි !

අජිත් පී - සුජී : එජාප විනය පරීක්ෂණය මඟහරියි !

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට එම පක්‍ෂය තීරණය කර ඔවුන්ට ඒ සඳහා අද (27) සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත වාර්තා කිරීමට කැඳවා තිබිණ.

එහෙත් එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ එම අමාත්‍යවරුන් දෙදෙනා අදාල කැඳවීමට අනුව පක්ෂ මූලස්ථානය වෙත වාර්තා කර නොමැති බවය.

පක්ෂ නායකත්වයට අවලාද නැගීම , පක්ෂ සමඟිය බිඳවැටෙන ආකාරයට දිගින් දිගටම හැසිරීම ඇතුළු චෝදනා ඔවුන්ට ඇති බවත් වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය විදහා දැක්වෙන වීඩියෝ පටද පැමිණිලි ලෙස ලැබී ඇති අතර ඒ මත මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

කෙසේ වුවත් අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න