සජිත් : කරූ - චම්පික ගොඩදාගෙන !

සජිත් : කරූ - චම්පික ගොඩදාගෙන !

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා කතානායක කරු ජයසුරිය අතර ඊයේ (27) විශේෂ සාකච්ජාවක් පැවති බවත් එහිදී පලදායි එකඟතාවයකට එළඹ ඇති බවත් ලීඩර් වෙබ් අඩවිය වාර්තා කරයි.

කෙසේවුවද එසේ ඇතිකර ගත් එකඟතාවයන් මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැති බවත් එහි සඳහන් අතර වැඩිදුරටත් මෙසේද දක්වා තිබේ.

ඒ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර පසුගියදා පැවති සාකච්ජාවේදී දේශපාලනික කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් එය රට හමුවේ ප්‍රකාශයට පත් කිරීමටත් එකඟත්වයට පැමිණ ඇති බවද ඉහත ආරංචිමාර්ග වලින් වැඩිදුරටත් වාර්තාවේ. 

''ඊයේ සාකච්ජා සාර්ථකයි'' 

මේ අතර යෝජිත නව සන්ධානය සඳහා වූ ව්‍යවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඊයේ (27) අනුමැතිය ලබා දි ඇත. 'නෙත් නිවුස්' කළ විමසීමකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ නව සන්ධානයේ ලේකම්වරයා සහ ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළ යුතු බව ද මෙම ව්‍යවස්ථාවේ ඇතුළත් බවයි. 

කෙසේවෙතත්, ලේකම්වරයා සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරන  තැනැත්තන්ට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිවිය යුතු බව ද ව්‍යවස්ථාවේ සඳහන්ව ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

යෝජිත නව සන්ධනය සඳහා වූ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙම එකගතාවන් ඇතිවී තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රි පැවැති සාකච්ඡාවකදීය.  

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්විය.

" සන්ධානය හදන්න සියලු දෙනා එකඟ වුනා. සාකච්ජාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම නායකයින් පැමිණ සිටියා. සන්ධානයේ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න මෙහිදී තීරණය කළා. 

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා තෝරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. සන්ධානයේ නව ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් තෝරනු ලබන අපේක්ෂකයා තමයි සිය සන්ධාන අපේක්ෂකයා වෙන්නේ කියලා. සන්ධානයේ වැඩපිලිවල සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුලදී සාකච්ජා කොට එය අත්සන් තැබීමට කටයුතු කරනවා" 

''ඉවසීමෙන් සැනසීම ලැබේ'' - සජිත් 

ඊයේ (27) රාත්‍රියේ පැවැති මෙම සාකච්ඡාවේදී එළඹි එකගතා පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු මෙසේ පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න