Image

අප රටට නොවෙනස් ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටට නොවෙනස් ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට නිර්මාණය වන ඛේදවාචක හමුවේ තාවකාලික පැලැස්තර ලෙස නිර්මාණය වන පරිසර ප්‍රතිපත්තියක් වුවත් අප රටට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (13) Rain forest trust සංවිධානය විසින් සංවිධානය කරන ලද වෘක්ෂලතාවල නාමපුවරු සවිකර, ජනතාව දැනුවත් කර කොළඹ පාරිසරික සංරක්ෂණ කලාප නිර්මාණය කිරීමේ අරමුණින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඇවිදින මංතීරුව අසළ පැවැති උත්සවය අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 

ඛේදවාචක සිදුවෙන්න පෙර සූදානම් විය යුතු යි

''අද වන විට එල්නීනෝ ලානීනා කියන දේශගුණික කාලගුණික විපර්යාසය තුළ රටට මුහුණ දෙන්න ඇති භයංකාර තත්ත්වයක් ගැන කතා වෙනවා. කෘෂිකාර්මික කටයුතු කඩා වැටී ජීවනෝපාය කඩා වැටි ජල හිගතාව නිසා පුනර්ජනනීය බලශක්තිය අහිමි වී ඛේදවාචක රැසක් සිදුවිය හැකි යි.

අද මේ ගැන විශාල ප්‍රවෘත්ති මැවුනත් පාර්ලිමේන්තුවේ තමා සහ මහාචාර්ය අබේවික්‍රම මහතා සම සභාපතීත්වය දරණ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අනතුරු ඇඟවූවා. ඛේදවාචක සිදුවූ පසු ප්‍රතිකර්ම සෙවීම සිදු කරනවාට වඩා මෙවැනි ඛේදවාචක සිදුවෙන්න පෙර සූදානම් විය යුතු යි. ජනතාව ගේ සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතය සුරක්ෂිත කරන්නට වනයේ නගරයේ හා ගමේ ඇති ස්වාභාවික වෘක්ෂලතා සුරක්ෂිත කළ යුතු යි. ආර්ථික ඉලක්ක අතර සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික ඉලක්ක ගැන කතා කළත් අද වන විට GDP අංශයෙන් ඔබ්බට ගොස් Gross national happiness ගණනය කිරීමේ ක්‍රමයකට යා යුතු යි.  එහි දී පරිසරය ගහකොළ සතාසිව්පාව ගේ අගය වැඩි කිරීම ද සිදු කළ යුතු යි. රටක් ලෙස ඉදිරිය ගැන සිතිය යුතු යි.'' 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න