නන්දසේන මෙරට පුරවැසි භාවය නැතිව ජන්ද හිමි නාම ලේඛනය් : විමර්ශන යළිත් CID යට !

නන්දසේන මෙරට පුරවැසි භාවය නැතිව ජන්ද හිමි නාම ලේඛනය් : විමර්ශන යළිත් CID යට !

ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව ඇමරිකානු පුරවැසි භාවය තිබියදී 2005 ජනාධිපතිවරණය සඳහා නන්දසේන රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කර තිබීම පිළිබඳ විමර්ශන කටයුතු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතම පැවරී තිබේ.

පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මේ පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින්ම ආරම්භ කරනු ලැබූ නමුත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ මැදිහත්වීමෙන් ක්ෂණිකව එම විමර්ශනය අත්හිටුවන ලදී.

කෙසේවෙතත් වැඩබලන පොලිස්පතිවරයා විසින් විමර්ශනය අත්හිටුවා ඇති බව මාධ්‍ය හරහා අනාවරණය කිරීම හේතුවෙන් දින කිහිපයකට පසුව ඔහු විසින් එය කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පවරන ලදී.

එහෙත් කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති චම්පක සිරිවර්ධන මෙය තම කොට්ඨාශයට කළ හැකි පරීක්ෂණයක් නොවන බවත් මෙය කළ යුතු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් ආපසු වැඩබලන පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.

ඒ අනුව අදාළ විමර්ශනය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යටතේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.

සංචාරක වීසා එකෙන් දේශපාලනය කරලා- ආණ්ඩුවේ රස්සාවකුත් කරලා !

නන්දසේන රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාටම ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව නොමැතිව තිබියදීත් 2005 වසරේ මුල්කිරිගල ඡන්දහිමි නාමලේඛනයට නීතිවිරෝධී ලෙස ඔවුන්ගේ නම් ඇතුළත් කර තිබී ඇති අතර එවකට ඇමරිකානු පුරවැසියන් වූ ඔවුන් දෙදෙනා දැනුවත්වම නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කර ද තිබෙන බව පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

එසේම 2005 වසරේදී සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි නන්දසේන රාජපක්ෂ වීසා කොන්දේසි කඩකරමින් ඇමරිකානු පුරවැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට මැදිහත්වීම් කර ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීම ද භාරගෙන වැටුප් ද ලබාගෙන තිබේ.

මෙය අතිශයින්ම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර මෙහි නීතිමය තත්වය ඉතා බැරෑරුම් බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න