සිරිසේන දැඩි වෙයි : පොහොට්ටු සමුළුවට ගිය පිරිසට වැඩවරදින ලකුණු!

සිරිසේන දැඩි වෙයි : පොහොට්ටු සමුළුවට ගිය පිරිසට වැඩවරදින ලකුණු!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස තීරණය කර තිබියදී පක්ෂ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රීලනිප සභාපති, ජනාධිපති සිරිසේන ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ‍

මෙහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කවුරු අපේක්ෂකයා ලෙස කුමන පක්ෂය නම් කළත් අන්තිමේ දී කවුරු දිනවනවාද කවුරු පරද්දනවාද කියලා තීරණය කරන්නෙ තමා බවයි.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බැවින් එම ඡන්ද නොමැතිව කයිවාරු ගහන කිසිවකුටත් දිනන්නට නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එමනිසා ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා කවුරුන්දැයි තීරණ ගන්නේ තමා මිස නටන දඟළන අය නොවන බව කවුරුත් මතක තබාගත යුතු බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

තවද, පක්ෂයක් ලෙස විනයක් තිබිය යුතු බව පෙන්වා දෙන ජනාධිපති සිරිසේන පවසා ඇත්තේ තමා බොහෝ අවස්ථාවල දී ඉවසීමෙන් කටයුතු කළ නමුත්, .එය දුර්වලකමක් කියා බොහෝ දෙනා සිතුවද දැන් ඒ සියල්ල අවසන් බැවින් කිසිදු සමාවක් මින් ඉදිරියට නොලැබෙන බවද ඔහු අවධාරණය කර ඇත.

”ඔය ගියපු හැමෝටම එරෙහිව වහාම විනය පරීක්ෂණ තියන්න. ඒවා ඇද ඇද ඉන්නත් එපා, හැකි ඉක්මනින් ඉවර කරන්න”
යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත.

පසුගිය 11 වනදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා මේ බව පවස ඇති බව පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න