කීත් නොයාර් පැහැරගැනීම : හමුදා මාණ්ඩලික සැරයන් අත්අඩංගුවට !

කීත් නොයාර් පැහැරගැනීම : හමුදා මාණ්ඩලික සැරයන් අත්අඩංගුවට !

මාධ්‍යවේදී "කීත් නොයාර්" පැහැරගෙන ගොස් පහර දි බරපතළ තුවාල සිදු කිරිමේ සිද්ධියට ආදාළව ඊයේ (22) නීතිපතිවරයාගේ උපදෙස් මත යුද හමුදාවේ බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (22) ඔහුව විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවිමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අද (23) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

2008 වර්ෂයේදි මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දිමේ සිද්ධියටද මොහුව සැකකරන අතර එම නඩුවට ආදාළව හඳුනා ගැනිමේ පෙරට්ටුවක් සඳහාද ඔහුව ඉදිරිපත් කිරිමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න