බදුල්ලේ පොහොට්ටු රැළියට ගෝඨා ආවොත් : චාමර සම්පත් ඔළුවෙන් හිටගන්න සූදානම් !

බදුල්ලේ පොහොට්ටු රැළියට ගෝඨා ආවොත් : චාමර සම්පත් ඔළුවෙන් හිටගන්න සූදානම් !

බදුල්ලේ පොහොට්ටුව දිනවිමට 24 වනදා පවත්වන මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරති මම ඔළුවෙන් සිටගන්නවා යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක පැවසීය.

ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23) මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“බදුල්ලේ බංකොළොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොළොත් දේශපාලනය කරලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ජන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන මේ දේශපාලකයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැලලක්ලු. මෙවනි බංකොලොත් වැඩපක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.

24 දින බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේම නෑ එතුමා එන්නේ නැති රැස්වීම් වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද ජනතාව මුලා කරන්න එපා.

ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවාම තමයි . අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා පක්ෂය නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ. ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා පක්ෂය තීරණයක් ගනියි ඒ තීරණයට අපි වැඩ කරනවා. ජන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලකයින්ට මේ ජන්දයේදි බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා” යැයි ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න