තැපැල් ජන්ද දායකයන්ට : මැතිවරණ කොමසමෙන් දැනුම්දීමක් !

තැපැල් ජන්ද දායකයන්ට : මැතිවරණ කොමසමෙන් දැනුම්දීමක් !

ජනාධිපතිවරණය සඳහා තැපෑල මගින් ඡන්දය ලබාදීම සඳහා ඉල්ලුම්කරන ඡන්ද දායකයන් පරිපාලන දිස්ත්‍රික්කය, ඡන්ද ප්‍රදේශයේ අක්ෂරය හා නම, ඡන්ද කොට්ඨාසයේ අංකය, ග්‍රාම නිලධාරී කොට්ඨාසය, වීදියේ ගමේ නම, අනුක්‍රමික අංකය යන තොරතුරු සූදානම් කර තබාගන්නැයි මැතිවරණ කොමිසම දන්වා සිටියි.

තමන්ට වෙන්කර ඇති ඡන්දය ලබාදීමේ ස්ථානයෙන් ඡන්දය භාවිතා කළ නොහැකි ඡන්ද දායකයන්ට තැපැල් ඡන්ද ලබාදීම සඳහා ඉල්ලුම් කළ හැකි අතර එම ඡන්ද දායකයන්ට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව තැපැල් ඡන්ද අයදුම් කිරීමට මෙම තොරතුරු සූදානම් කර තබැගැනීම වැදගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මෙවර ජනාධිපතිවරණයේදී භාවිකා කරනු ලබන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛයය බැවින් මේදිනනවලදී සිදු කෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝදනය අනුව අදාල තොරතුරු ලබා ගැනිම පහසු වන බව මැතිවරණ කොමිසන් සභාව පෙන්වා දෙයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න