ජොනීගේ සතොස නඩුවේ : ප්‍රතිශෝධන පෙත්සමේ කරුණු තහවුරු කරන්න දින දෙයි !

ජොනීගේ සතොස නඩුවේ : ප්‍රතිශෝධන පෙත්සමේ කරුණු තහවුරු කරන්න දින දෙයි !

ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කොට ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරිමට එම ඇයැදුම ලබන මස 18 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද (22) නියම කළේය.

මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමෙන් අල්ලස් පනත යටතේ විග‍්‍රහ කරන දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට අමතරව ස.තො.ස. හිටපු සභාපති එරාජ් ප‍්‍රනාන්දු හා එහි හිටපු ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂක කාජා මොහිදීන් මොහොමඞ් සාකීර් නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

2010 වසරේ සිට 2014 වසර දක්වා වසර පහක කාලයක් තුළ ස.තො.ස. සේවකයන් හතලිස්පස් දෙනෙකු ඔවුන්ගේ සේවාස්ථාන වල රාජකාරි කටයුතු වලින් පරිබාහිරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගෙන ඇති බවටත් රාජකාරි නොකළ සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස මුදල් ගෙවීමෙන් මෙලෙස රජයට පාඩු කොට ඇති බවද අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවල සඳහන් කොට ඇත.

අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

මෙම පෙත්සම සැප්තැම්බර් මස 18 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා ප‍්‍රතිශෝධන ඇයැදුම සම්බන්ධයෙන් එදින කරුණු තහවුරු කරන ලෙස නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න