දිල්රුක්ෂි ඩයස් සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි : ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් ?

දිල්රුක්ෂි ඩයස් සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි : ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් ?

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ නීතිපති දෙපාර්තමේන්තුවේ මෙතෙක් දැරූ සොලිසිටර් ජෙනරාල් තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පසුගිය අගෝස්තු 20වනදා මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සොලිසිටර් ජෙනරාල් තනතුරින් ඉවත් වීම යම් දේශපාලන පෙරළියක ඉඟියක් බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ වෙමින් ඇති අතර මාධ්‍ය වාර්තා ද නිකුත් වෙමින් තිබේ.

ඒවායේ සඳහන් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානම් වන බැවින් මේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවය.

'ද අයිලන්ඩ්' පුවත්පත අනාවරණය කරන්නේ ඉල්ලා අස්වූ සොලිසිටර් ජනරාල්වරිය එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය හැකි බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ඇය 2015 යහපාලන රජය යටතේ අල්ලස් කොමිසමේ සභාපතිනිය ලෙස පත්කළ අතර පසුව 2017 වර්ෂයේදී එම තනතුරින් ඉල්ල අස් වූවාය. ඒ ජනාධිපති සිරිසේන අල්ලස් කොමිසමේ කටයුතු සඳහා අනිසි ලෙස මැදිහත් වන බවට චෝදනා කරමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න